වප් පුරපසළොස්වක පෝය නිමිත්තෙන් දහස් සංඛ්‍යාත සැදැහැවතුන් ශ්‍රී දළදා මාලිගාවට

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW):
වප් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම සඳහා දහස් සංඛ්‍යාත සැදැහැවතුන් අද (28) පෙරවරුවේ සිට මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණෙමින් සිටී.

අලුයම තේවාවේ සිටම ශ්‍රී දළදා මාලිගාවේ විවිධ ආගමික වතාවත් සිදු වේ. දන්ත ධාතූන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජාවන් සිදු වන අතර ඓතිහාසික මඟුල් මඩුවේදී සිල් සමාදන් කරවීමේ ආගමික වතාවත් සිදු කෙරේ.

ආමිස හා ප්‍රතිපත්තිමය පූජාවන් සඳහා උදෑසන සිටම සැදැහැවතුන් විශාල පිරිසක් ශ්‍රී දළදා මාලිගාවක් හරහා පැමිණෙමින් සිටින අතර ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දළදා මාලිගා පොලිසිය මගින් විශේෂ වැඩසටහන් සංවිධාන කොට තිබේ.

සැදැහැවතුන්ට අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීම සඳහා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද මූලික පහසුකම් සම්පාදනය කර ඇත.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...