පොලිස් වෙඩි පහරකින් 14 හැවිරිදි සිසුවෙකුට බරපතළ තුවාල !

මාතර තිහගොඩ ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකු අතින් පාසල් සිසුවෙකුට වෙඩි වැදීම නිසා ඊයේ (28) උණුසුම් තත්වයක් උද්ගත වී තිබිණි.

මිද්දෙවෙල – කන්දෙපොළ මාර්ගයේ ස්ථානයකදී මෙම සිදුවීම සිදුව ඇත.

පාසල් සිසුන් පිරිසක් ගමන්ගත් ත්‍රීරෝද රථයක් නවතා පරීක්ෂා කිරීමට යාමේදී තිහගොඩ පොලිසියේ නිලධාරියකුගේ පිස්තෝලය ක්‍රියාත්මක වී අදාළ සිසුවාට වෙඩි වැදී ඇති බවයි පොලිසිය පවසන්නේ.

හිසට වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා ඇති එම 14 හැවිරිදි සිසුවා මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

සිද්ධියෙන් කුපිත වූ ප්‍රදේශවාසී ජනතාව තිහගොඩ පොලිසිය අසලට රැස්වීමත් සමග උණුසුම් තත්වයක් උද්ගතව ඇති අතර තත්වය පාලනය කිරීම සඳහා අවට පොලිස් ස්ථානවලින් ද නිලධාරීන් කැඳවා තිබුණු බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට සිට මාර්ග 7ක නව මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:හෙට (29) සිට බස්නාහිර පළාතේ මාර්ග 7ක්...

මහ බැංකුව විසින් දියත් කරන ලද අදෘශ්‍යමාන යුද්ධය

(ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා විසින් 2026.09.28 දින Daily FT...

අධික වර්ෂාවත් සමඟ දුම්බර නකල්ස් රක්ෂිතයේ දියඇලි අලංකාර ලෙස සක්‍රීය වෙයි!

නදීක දයාබණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත්...

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...