රදළයෙක්ට ලව්කරන එකෙත් අමුතු ගතියක් තියනවා ….

Date:

‘නැපෝලියන්’ (2023) ලස්සන චිත්‍රපටියක් නොවුනට ඒකෙ ලස්සන දෙබසක් තියනවා මතකහිටින. එහෙම මතකහිටින දෙබස් සාමාන්‍යයෙන් චිත්‍රපටියක තියෙන්නේ කලාතුරකින්. ඉනුත් ජීවිත කාලයක් පුරා මතකහිටින්න පුළුවන් දෙබස් තියනවා නම් තියෙන්නේ ඊටත් වඩා කලාතුරකින්.

සිවිල් අරගලය ඉවර වෙලා අර වංශාධිපති සංකේතය වෙච්ච මාරි ඇන්ටොනටිගේ බෙල්ල ගිලටීනයේ දමල කපල අන්තිමට නැපෝලියන්ල බලය අත්පත් කරගන්නවා.

ඒ වගේම ඊට පස්සේ ආපු ප්‍රංශ රාජ්‍යත්වයට පක්ෂපාත කැරැල්ල (royalist insurrection) මැඩ පැවැත්වීම එක්ක නිකම්ම ප්‍රංශයේ පාලකයා නැපෝලියන් වෙනවා. පස්සේ පොර අධිරාජ්‍යයක් හදන්නත් උත්සාහ කරනවා. ඒ එක්ක නැපෝලියන් යුරෝපයේ චන්ඩියෙක් වගේ වෙනවා. පස්සේ ඔහුව ලෝකයටම හිසරදයක් වෙනවා.

ඔය අව්අස්සේ තමයි නැපෝලියන්ට ජොසපින් හම්බවෙන්නේ. ජොසපින් කියන්නේ වංශවත් පවුලකින් ආපු කෙනෙක්. එයා එක වෙලාවක කියනවා නැපෝලියන් ආපු ”පහල පංතියේ ගඳ” එයාට දැනෙනවා කියල. කොහොම උනත් නැපෝලියන් තෑගි බෝග දීල ජොසපින්ගේ දරුවන්ගේ හිත දිනාගෙන එයා ජොසපින් කසාද බඳිනවා.

ඇත්තටම පහල මධ්‍යම පංතියෙන් ආපු නැපෝලියන් ඇත්ත ආශාව උනේ ගොඩක් වංශවත් පසුබිමකින් ආපු ජොසපින්. වෙනත් සම්බන්දතා නැපෝලියන්ට තිබ්බ උනත්, දරුවෝ නැති නිසා වෙනත් විවාහයක් කරගත්ත උනත්, ජොසපින්ට වෙනත් සම්බන්දතා තිබ්බ උනත් නැපෝලියන්ට කවදාවත් ජොසපින්ගෙන් මානසිකව ඈත්වෙන්න බැරිවුණා.

රදළ පවුලකින් ආපු නිසාදෝ ජොසපින් තුල තිබ්බ අමුතු පෞරුෂය සහ ඒ එක්ක එයා නැපෝලියන්ට දීපු ආදරය සහ ලිංගිකත්වය වෙනත් ගෑනියෙක්ගෙන් නැපෝලියන්ට ගන්න බැරිවුණා. ලෝකේ කොයි අස්සක් මුල්ලක හිටිය උනත් මොන ලෝක යුද්දෙක හිටිය උනත් හැමදාම නැපෝලියන් තමන්ගේ ආත්මය, ආත්මයේ ආතතිය, ආත්මයේ බිඳවැටීම, ආත්මයේ ජයග්‍රහණය යන හැම දෙයක්ම නොපැකිලව මේ රදළ ගැහැණිය වෙතට ප්‍රක්ෂේපනය කළා. ඒ නිසා මේ දෙන්නගේ ආදරය ලෝකයේ ප්‍රධාන ආදර කතාවක් උනා.

නැපෝලියන් ජොසපින් හම්බු වෙච්ච මුල්ම දවස්වල ජොසපින් අමුතු ප්‍රශ්නයක් නැපෝලියන්ගෙන් අහනවා. ඒක තමයි මට මේ චිත්‍රපටියේ මතක හිටින වාක්‍යය බවට පත්වුණේ.

ඒ වාක්‍යය තමයි, ”ඔබ මා දෙස බලන විට මා තුල සිටින වංශාධිපතියෙක් ඔබට පෙනෙයිද?” (When you look at me do you see an aristrocrat?) වෙනත් විදියකින් ඇහුවොත් ඔබට මා තුලින් පෙනෙන්නේ කුමක්ද යන්න.

ප්‍රංශ විප්ලවය නිසා හිරේ විලංගුවේ වැටිලා ණයතුරුස් වෙලා පජාත වෙලා දැන් අර වංශාධිපති රදළ කමක් දැන් ජොසපින්ගේ නැහැ. හැබැයි නැපෝලියන් ආශක්ත වෙන්නේ අර නැපෝලියන් තුල නොතිබ්බ එහෙත් ජොසපින් තුල තියන මොකක්දෝ දෙයකට කියල ජොසපින් දන්නවා. ඒ දෙය තමයි වංශවත්කම. ඒ පංතියේ රුචිකත්වය. ස්ටයිල් එක. ටේස්ට් එක. භාෂාව. ලිංගිකත්වය. පෞරුෂය. සහ තව ගොඩක් දේවල්.

ඒ අමුතු ගුප්ත ආශා ගොඩනැගීම එක්ක තමයි මැරෙනකම් නැපෝලියන්ට ජොසපින් අමතක කරන්න බැරි වුණේ. ගැළවෙන්න බැරිඋණේ. ජොසපින් මැරිල පොළොවට පස්උනාට පස්සෙත් නැපෝලියන් ජොසපින්ට ලියුම් ලිව්වේ. ආයෙත් ලිව්වේ. ආයේ ආයෙත් ලිව්වේ. ඒ ආදරය සදාකාලික උණේ.

රදළයෙක්ට ලව්කරන එකෙත් අමුතු ගතියක් තියනවා ….

(Image – Napolean චිත්‍රපටයේ Vanessa Kirby)

මේ චිත්‍රපටය සහ තවත් දේවල් ගැන මගේ කතාව මේ වීඩියෝවෙන්:

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...