ව්‍යවස්ථාව ගැන හෝ නොදන්නා බබ්බු එක්ක රටක් කරන්න බැහැ!

Date:

කොළඹ LNW:පළපුරුදු කණ්ඩායමකට මිස ව්‍යවස්ථාව ගැනවත් නොදන්නා “බබ්බු” සමග රටක් කරන්නට නොහැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ඒ,ඊයේ (29) පන්නල ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමිනි.

ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ ඡන්දය ලබාගෙන ඔවුන්ට “ටටා බායි” කිව්වත් ගෑස් සිලින්ඩරයේ කණ්ඩායම රාජ්‍ය සේවක අයිතීන් දිනා දෙන තුරු සටන අත්නොහරින බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

”මේ ඡන්දය තිබෙන්නේ බහුතරයක් නැති විධායකයක් ඇතිවූ අවස්ථාවේදීයි. ජනපති තරඟයට ඉදිරිපත් වූ අප කාටවත් බහුතරයක් ලැබුණේ නැහැ. වැඩිම සුළුතරය ගත්තේ අනුර දිසානායක මන්ත්‍රීතුමා. එතුමා ඒ කාරණයෙන් වාර්තාවක් පිහිටුවා තියෙනවා. ඒ ගැන අප ඊර්ෂ්‍යා කරන්න හොඳ නෑ. එවන් පසුබිමක් යටතේ දැන් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනවා. මේ පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීම අසීරු බවට අප සිතිය යුතු නැහැ. අප ආණ්ඩු බලය ගන්න උත්සාහ කරමු.එසේ නැතිනම් අප විපක්ෂයේ ප්‍රබල තැනකට පැමිණිය යුතුයි.ඇතැම් විට මේ තත්ත්වය යටතේ විපක්ෂයේ සිට ආණ්ඩු බලය ගන්නත් පුළුවන්. ඒ බව සිහියේ තබාගෙන අප ඉදිරියට පැමිණ තිබෙනවා. රටේ ආර්ථිකය වැටුණු අවස්ථාවේ එය ගොඩ ගැනීම සඳහා මා සමග ඉදිරිපත් වූ කණ්ඩායම දැන් ගෑස් සිලින්ඩරයෙන් පැමිණ තිබෙනවා. එක පක්ෂයක නොව සෑම පක්ෂයකම නියෝජිතයන් මෙහි සිටිනවා. ඒ මිශ්‍රණය රටට හරි ගියා. ඒ නිසා රට හැදුණා.”

මේ අතර රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ගැන රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අගමැතිනිය විසින් කරන ලද ප්‍රකාශයට ද එහිදී වික්‍රමසිංහ මහතා සිය මතය දක්වා තිබුණි.

”අගමැතිනී හරිනි අමරසූරිය මැතිනිය කළ ප්‍රකාශයක් මා දුටුවා. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට අමාත්‍යංශය නිලධාරීන්ගේ අනුමැතිය ගෙන නැතැයි ඇය පැවැසුවා. ජනතාව නොමඟ යැවීමට මැතිවරණ කාලයේ දුන් බොරු පොරොන්දුවක් බවත් ඇය පවසා තිබුණා. කැබිනට් මණ්ඩලයට ක්‍රියා කරන්න නිලධාරීන්ගේ අනුමැතිය අවශ්‍ය බව මෙතුමිය කියනවා. මෙතුමිය ව්‍යවස්ථාව ඉගෙන ගත්තේ කොහෙන්ද? ව්‍යවස්ථාවේ 43 වගන්තිය බලන්න. රට පාලනය කරන්නේ ඇමති මණ්ඩලයයි. අගමැතිතුමියට ව්‍යවස්ථාව ගැන දැනගන්න අවශ්‍ය නම් කියන්න, මම එන්නම්. නැතිනම් හිටපු අගමැතිතුමා ඒවි. රට පාලනය කරන්නේ මෙහෙමද? හිටපු පළාත් සභා මන්ත්‍රී කෙනෙක් ඇමති කරන්න හදනවා.ඇමතිගේ වැඩ කටයුතු නිලධාරීන්ට දෙන්න හදනවා. මෙවැනි කණ්ඩායමකට රට කරන්න පුලුවන්ද? පලපුරුදු අය සිටිය යුතුයි. බබ්බු එක්ක මේක කරන්න බෑ.” යනුවෙන් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...