*
Friday, May 3, 2024
spot_img

Latest Posts

පොහොට්ටුව අයවැය පරද්දන්නේ නැහැ. ආණ්ඩුව ගෙදර යවන්න නම් සියලු බලවේග එකතු වෙන්න වෙනවා – දයාසිරි

කොළඹ LNW:මේ වන විට රටේ පවතින තත්ත්වය අනුව අයවැයෙන් හෝ සහන ඉල්ලා ජනතාවට පාරට බැස තිබෙන තත්ත්වයක් ගොඩ නැගී ඇති නමුත් අයවැය පරාජය කිරීමට පොහොට්ටුව කටයුතු නොකරන හෙයින් ආණ්ඩුව පරාජය කිරීමට නම් ඊට එරෙහි සියලු බලවේග එකතු විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (01) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

වික්‍රමසිංහ රාජපක්ෂට එරෙහිව පොදු සම්මුතියක් ඇතිකර ගත යුතු වන අතර පොදු වැඩපිළිවෙලකට සියලු දෙනා එකතු විය යුතු බවයි දයාසිරි මන්ත්‍රීවරයා පැවසුවේ.

ඇතැම් දේශපාලන පක්ෂවල නායකයින් හීන ගැන කතා කළද එම හීන වලට පණදීමට නොහැකි බවද ඔහු කියාසිටියි.

”මේ වෙද්දී සියලුදෙනා පාරේ. වැටුප් වැඩිකරන්න කියලා උද්ඝෝෂණ කරනවා. 2016 රාජ්‍ය සේවකයින්ට පඩි වැඩිකලාට පස්සේ වැඩිකරලා නෑ. අපි ලෙඩකට දුකකට ගන්න පොඩි තැන්පතුවක් තියාගෙන තිබුණා. ඒ ඔක්කොම ඉවරයි. කන කර ඔක්කොම බැංකුවේ. ෆුඩ්සිටිවලට පැනලා බඩු කොල්ලකාගෙන යන තත්ත්වයක් හෙට අනිද්දා එනවා. මේ ආණ්ඩුවට බදු ගැහිල්ල හැර වෙන විකල්පයක් නෑ. පල්ලෙහා ඉන්න මිනිසුන්ට බදු ගහනවා. ඉස්සරහට තව බද්දක් එනවා. අද රටේ අහිංසක මිනිස්සු පාරට තල්ලු වෙමින් ඉන්නවා. අරගලේ පළමු කොටස හොදයි දෙවෙනි එක ආවේ රනිල් ජනාධිපති කරන වැඩපිලිවෙලක්. බටහිර රටවල් තමයි රාජ්‍ය නායකයන්ව පත්කරන්නේ. පොහොට්ටුව අයවැය පරද්දන්නේ නෑ. මේ ආණ්ඩුවට එරෙහි සියලු බලවේග ඔක්කොම එකට එක්වෙන්න ඕන. ජනතාවගෙන් 60% ක් දේශපාලන පක්ෂවලට නෑ. වික්‍රමසිංහ රාජපක්ෂට විරුද්ධව පොදු සම්මුතියක් හදාගන්න ඕන. පොදු වැඩපිලිවෙලකට සියලුදෙනා එකතුවෙමු. ඔය දේශපාලන පක්ෂවල නායකයින් හීන ගැන කතා කලාට ඒ හීන වලට පනදෙන්න අමාරුයි. තවදුරටත් මෙහෙම ගියොත් රට අමු සොහොනක් වෙනවා. මම සූදානම් හැම කෙනා එක්කම කතාකරන්න. ඉදිරියට එන්න තියෙන ලේ වැගරීම පෙනෙමින් තියෙනවා. මිනිස්සු ආයේ පාරට බහිනවා.”

මේ අතර තමන් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් වන අතර තමන් පිටුපස තවදුරටත් ශ්‍රීලනිප ලාංජනය පවතින බවද දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු තනතුරක් භාර නොගන්නා බවත් තවමත් පක්ෂයේ නායකයා තමන් වෙත කතා නොකළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

කෙසේවෙතත් තමන් රැඳී සිටින්නේ පොදු විපක්ෂය සමඟ බවද ඔහු කියාසිටියේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan