*
Friday, May 17, 2024
spot_img

Latest Posts

වමේ කකුලේ තුවාලෙට දකුල කපන ජාතියේ තීන්දු සහ ක්‍රිකට්

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව නරක අන්දමින් පරාජය වෙමින් ඇත.වඩාත්ම නරක තත්ත්වයක පසුවන්නේ වත්මන් ලෝක සූරතාවය හිමි එංගලන්ත කණ්ඩායමය.ඒ රටවල සාකච්ඡාව ඇති වී ඇත්තේ කණ්ඩායම නැවත ගොඩ නඟා ගැනීම ගැනය.නමුත් ලංකාවේ ක්‍රිකට් ආයතනයේ පුටුවල ඉඳ ගැනීමට පිරිසක් සැළසුම් කරමින් සිටින්නේ ක්‍රීඩා අමාත්‍යවරයා ද පිටුපසින් උදව්වට තබා ගෙනය.එය වෙනස් නොවිය යුතුය යන්න කිමට වඩා මේ මොහොතේ ක්‍රීඩකයන්ගේ පරාජය පරිපාලනය ඇඳ දැමීමට භාවිතා කිරීම සිඳු නොකළ යුතුය.ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ පරාජයන් ගලපාගන්නට ගියහොත් ක්‍රිඩාව සම්බන්ධ අවංක භාවය පැන නඟින්නේය.


බරපතල ලෙස තමන් යටතේ ඇති ක්‍රීඩාවන් හී තමන් අකමැති පරිපාලනයන් විවේචනය කිරීම සහ ඊට අකුල් හෙලීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ පිළිවෙත වී ඇති අතර ඒ නිසාම ක්‍රීඩා දෙකක්ම තහනමට ලක් විය.ඒවා නිවැරදි කර ගෙන ජාත්‍යන්තර සහය ලබා ගැනීම කෙරෙහි අමාත්‍යවරයාගේ බලපෑමක් වූවා ද නැද්ද යන්න තීරණය කිරීම සඳහා වැදගත්ම සාධක වන්නේ ඔහු ප්‍රතික්ෂේප කළ කරුණු ඇතුළත් කළ නව ගැසට් නිවේදන නිකුත් කිරීම සහ තවත් පරිපාලනයකට ජාත්‍යන්තරයෙන් ඉඩ ලබා ගැනීමට ගැසට් නිවේදනයකින් විසුරුවා හැරීම නැවත පිළිගැනීමට ලක් කරන්නට වීමය.


දැන් මේ වන විට ක්‍රිඩා අමාත්‍යංශයේම අමාත්‍ය කාර්ය මණ්ඩලයට සම්බන්ධ අයම ක්‍රිකට් ආයතනයට එරෙහිව සමාජ ජාලා මාධ්‍ය පාවිච්චි කරමින් අමාත්‍යවරයාට ඇති ක්‍රිකට් විරසකයට උඩ ගෙඩි දෙමින් සිටින අතර අමාත්‍යවරයා පත් කළ ජාතික ක්‍රිඩා සභාවේ ප්‍රධානී අර්ජුන රණතුංගට ද ක්‍රිකට් ප්‍රධානියා වීමේ දීර්ඝකාලීන දොළ සංසිඳුවා ගනිමින් මුල් පුටුවේ හිද ක්‍රිකට් වෙනස් කරන්නට සූදානම් වන බවට ප්‍රකාශ නිකුත් කරන්නේය.
මේ මොහොතේ අමාත්‍යවරයා හෝ අර්ජුන රණතුංග හෝ ඔවුන්ගේ ව්‍යාපාරයට අතහිත දෙන අය පැවසිය යුතු දේ නම් මේ ලෝක කුසලානයට නම් කරන කණ්ඩායමය.මේ නම් කර තිබෙන කණ්ඩායම නොවී මේ කණ්ඩායමෙම හෝ ඉන් සියයට 99 ක් පමණ ඔවුන් නම් කරන කණ්ඩායමේ සිටීනම්, සහභාගි වී සිටින්නේ හොඳම කණ්ඩායමය.අමාත්‍යවරයා අද නිකුත් කර ඇති නිවේදනයකින් ද කියන්නේ මේ කණ්ඩායමේ සිටින්නේ ලෝකයේ සිටින හොඳම ක්‍රීඩකයින් බවය.ප්‍රතිපත්තිමය වශයෙන් තේරීම් කමිටුවේ හැසිරීම සම්බන්ධයෙන් සහ ඔවුන් විසින් පෙන්නූ විලිරුදාවේ තරමට වැදූ කෙන්න ගැන අපටත් ගැටළු ඇතත් තෝරාගෙන සිටින කණ්ඩායම හොඳම ක්‍රිඩකයින්ය කියමින් තේරීම් කමිටුව ඉවත් විය යුතු බව සහ පරාජයේ වගකීම භාර ගත යුතු බව කීම අතාර්කික නොවේද?


නමුත් තේරීම් කමිටුව ගත් ක්‍රියාමාර්ග වෙනුවෙන් සහ ඒ කයිවාරු වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශ්‍යද පෙනී සිටියේය.ඔවුන් සිය වැඩ කටයුතු ක්‍රියාත්මක කළේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ කාලයේ ය.ඒ නිසා එවකට කණ්ඩායමේ සිටි භානුක රාජපක්ෂ ක්‍රිකට්වලින් සමුගන්නා බව කීවේය.හොද මට්ටමේ ක්‍රීඩා කරමින් සිටි භානුක ඉවත් කිරිම සහ ඔහු සමු ගන්නට තීරණය කිරීම ගැන ඇති වූ සමාජ විරෝධය මැඩලීමට නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මැදිහත් වී භානුක කණ්ඩායමට එක් කළේ නැත.ඔහුට ශරීර යෝග්‍යතාවය ඔප්පු කිරීමට උපදෙස් දුන්නේය.


නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ද,රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ද අනුමත කළ තේරීම් කමිටුවක් මිස ශ්‍රී ලංකා ක්‍රිකට් සියයට සියයක් සිය කැමත්තට පත් කර ගත් තේරීම් කමිටුවක් නැත.නමුත් අමාත්‍යවරයා මේ කිසිවක් නොසළකා හරිමින් තේරීම් කමිටුව ඉල්ලා අස්විය යුතු බව ඒය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීමක් කියා තමන්ගේ දායකත්වය වසා ගැනීමට කටයුතු කිරීම අනුමත කරන්නේ නැත.
අමාත්‍යවරයා ක්‍රීඩා අමාත්‍යංශයේ සුබ සාධන අරමුදලට පවා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් මුදල් ලබා ගැනීමට ක්‍රියා කර ඇත.ක්‍රීඩා අරමුදලට ද එසේමය.පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට ද එසේය.ආණ්ඩුව සිරව ඇති ආර්ථික උඟුලෙන් ගොඩ එන්නට දරණ වෑයමට රුකුල් වෙමින් පිළිකා රෝහලට ඖෂධ සැපයීම,ළමා හදවත් ශල්‍යකර්ම වැනි විශාල වැඩ කොටසක් කරන අතරේම වෙනත් ක්‍රීඩා සඳහා ද ශ්‍රි ලංකා ක්‍රිකට් මුදල් ලබා දී ඇත.දැන් අමාත්‍යවරයා මලල ක්‍රීඩාවේ පදක්කම් පිටුපස සිටි බව කියන්නට ඉදිරිපත් වුව ද,සමහර පදක්කම් මලල ක්‍රීඩාවෙන් ශ්‍රි ලංකාවට ලැබෙන්නට අමාකත්‍යංශය ගුවන් ටිකට් පත හෝ ලබා දුන්නේ නැත.ඒ නිතැකම නිසාය.එහෙත් නැතිකම වුණත් සැර අඩු වුණේ නැත.එක් සංචාරයකට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් දුන් මුදල් ක්‍රීඩා අමාත්‍යංශය මලල ක්‍රීඩාව වෙත සෘජුව දීම වළකා ඔවුන් ගෙන්වා ගෙන මුදල් අමාත්‍යංශයට යැව්වේය.මුදල් අමාත්‍යංශය හරහා අවශ්‍ය්‍ය කටයුතු සිදු වී එය මලල ක්‍රීඩා සංගමයට ආවේ සංචාරය නිමවී මාස ගණනක් ගතවෙන තැනය.මලල ක්‍රීඩා සංගමයේ නිලධාරීන් තමන්ගේ පෞද්ගලික මුදල් දී එම සංචාරයට ක්‍රිඩකයින් සහභාගි නොකළේනම් එම සංචාරයෙන් ශ්‍රී ලංකාවට ආව පදක්කම් ලැබෙන්නේ ද නැත.


එහෙත් අමාත්‍යංශයට මුදල් නැතත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ලබා ගත්තත් අමාත්‍යවරයා ක්‍රිඩා පනත ඇසුරෙන් දැමිය හැකි තග සංගම්වලට අඩුවක් නැතුව දමන බව පැහැදිළිය.එහෙත් අමාත්‍යවරයා මේ දේවල් කරන්නේ විගණන වාර්තාව පදනම් කරගෙන යන්න පෙන්වා දෙන්නේ නම් රටේ නීතිය අනුව ඊට පරීක්ෂණයක් සිඳු කර නීතියෙන් දඬුවම් දීම ගැන විරුද්ධ වීමට නොහැකිය.එම විගණන වාර්තාවේ ඇතැම් සිඳුවීම් සම්බන්ධයෙන් වී ඇතැයි කියන සහ චෝදනා ඉදිරිපත් කරන තැන්වලට ක්‍රීඩා අමාත්‍යවරයාගේ දරුවන්ගේ නම් ද ඇතුළත් වී ඇත.ඒවා එසේ සිඳුවීම නිසා සිඳුවන්නේ විගණන වාර්තාව සම්බන්ධයෙන් ක්‍රියාමාරුග ගැනීමට යාම පසෙක ලා තමන් ද එම විගණන වාර්තාවේ කරුණු අනුව එළියට ඒම ගැන ක්‍රිඩා අමාත්‍යවරයා වඩාත් ආවේගශීලි වීමය.


බලහත්කාරයෙන් සිය දියණියගේ නම ශ්‍රි ලංකා ක්‍රිකට් එම වීසා ලැයිස්තුවට ඇතුළත් කළේ ද යන්න අමාත්‍යවරයා කියා නැත.එහෙත් එම වීසා නිකුත් කිරීම සඳහා ලිපි නිකුත් කිරීම වැරදි බව පවසන්නේය.එමෙන්ම එම වරදේ එක් කොටසක් අමාත්‍යවරයා නියෝජනය කරන බව ඔහුට හිතෙන්නේ අමාත්‍යවරයාට,දරුවන්ට,බිරිඳට සහ අමාත්‍ය කාර්ය මණ්ඩලයට වරප්‍රසාද ලැබීම වරදක් නැති යුතුකමක් බව හැඟෙන නිසා ද?
ක්‍රිඩා අමාත්‍යවරයා ක්‍රීඩා පණත යනු තමන්ට අභිමත පරිදි ක්‍රීඩා සංගම් හැසිරවීමට ලැබ ඇති හෙණ්ඩුවක් සේ සිතීමේ මානසික අර්බූදයේ දැඬිව හිර වී සිටියි.ඒ නිසාම ගත් ක්‍රියාමාර්ග නිසා ජාත්‍යන්තර තහනම් වැටුණත් ඔහු එක ක්‍රීඩාවක් නිසා රට වැටෙන අමාරුව තව ක්‍රීඩාවකදී අමතක කරයි.මේ තත්ත්වය නිසා අධිකරණයේ දී ක්‍රිඩා අමාත්‍යවරයාට රිවස් වෙන්නට සිඳුවන විට ඔහු සමඟ ඒ ගියර් එකටම මාරු වෙන්නට නිතිපති දෙපාර්තමේන්තුවට ද සිඳුවීම හාස්‍යජනකය.මුලදී ඇමති නොගැසූ ගැසට් මුද්‍රණය කර ඔහු ගත් ඇතැම් ක්‍රියාමාර්ගවලින් මිදී අධිකරණයට තොරතුරු ඉදිරිපත් කරන්න වන තෙක්ම රටේ නීතිපත් දෙපාර්තමේන්තුවට කටයුතු කරන්නට සිඳුවන්නේ ක්‍රීඩා අමාත්‍යංශයේ නිවැරදිභාවය ඔප්පු කිරීම වෙනුවෙන් වීම ඇතැම් විට රටේ සියලු දෙනාට නීතියේ සමානත්මතාවය හිමි තැනක් හැටියට එම දෙපාර්තමේන්තුව පැවතිය යුතුය යන සංකල්පය දෙදරා යාමක්ය.එය රජයේ අමාත්‍යවරු සහ සහ රජයේ ආයතන වැරදි කළ විටත් රැකීමට ඉදිරිපත්වන ආයතනයක් ලෙස එළියට පෙනෙන අතර ආණ්ඩුව ඉතිං මොන වරදක් කළත් නීතිපති දෙපාර්තමේන්තුවට පෙනී ඉන්න වෙනවනේ ඒ මිිනිස්සුත් පව් යනුවෙන් පාර තොටේ හමුවන සාමාන්‍ය මිනිස්සු පවසන තත්ත්වයට එය පත්වීම කණගාටුදායක තත්ත්වයක්ය.


මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අමතා ක්‍රීඩා අමාත්‍යවරයා ලියන ලිපියෙන් පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ දේශපාලිනක වශයෙන් බලපෑම් නොකරන බවය.අනතුරුව ලෝක කුසලාන නිමාවීමට ප්‍රථම ඉන්දියාව හමුවේ දැඩිව පරාජය වැළඳගත් විට අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් ඉවත් විය යුතු බවට මාධ්‍ය්‍යට කරුණු පවසන්නේය.අමාත්‍යවරයාට උපදෙස් දෙන ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා මීට පෙර ආසියානු කුසලානයේදී ශ්‍රි ලංකාව ලකුණු 50 දැවි ගිය විට පවසන්නේ එයට ක්‍රීඩාංගණ සේවකයන් වගකිව යුතු බවය.මේ මොහොතේ 55 ට දැවී ගිය විට එම ක්‍රිඩාංගණ සේවකයින් කර ඇති උපකාරය කුමක් විය හැකිද?


අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයට ගෙවන වැටුප් පෙන්වා දෙයි.එහිදී එම විවේචනයට ලක්වන මහේල ජයවර්ධන ජාතික ක්‍රිඩා සභාවේ සිටියදී පවතින කිසිඳු ක්‍රිඩා නීතියකට අවනත නැතුව ශ්‍රි ලංකා ක්‍රිකට් හී සිය තනතුර ඩොලර්වලින් ලබා ගැනීම සඳහා අවශ්‍යය වටපිටාව සකසා ගන්නේ ක්‍රීඩා අමාත්‍යංශයෙන් දී තිබුණ වෘත්තියද හරහාය.වරින්වර නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ සිට රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ද ශ්‍රී ලංකා ක්‍රිකට්වලට භාහිරෙන් විශේෂ කමිටු ඇතුළත් කරමින් උපදේශනයට ඉහළ තාක්ෂණයට ශ්‍රී ලංකා ක්‍රිකට් හි ස්වාධින තීරණවල ඒ මැදිහත්වීම් ද එල්ලා තබා ඇත.ඒ කිසිවක් මේ මොහොතට බල නොපා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා නිලවරණයෙන් පත් වූ පිරිසම වගකිව යුතු බව හැඟෙන්නේ අමාත්‍යවරයාට නිලවරණයෙන් එන්න බැරි පිරිසක් සිය බලය යොදාගෙන මේ පුටුවල හිඳුවන්නට ඇති අවශ්‍යයතාවය නිසා නොවේද?


නිකමට ඒ අර්ජුන බව සිතමු.ඔහු ද පවසන්නේ මහේල පුහුණුකරු විය යුතු බවය.එවිට ඒ මුදල රුපියල් ලක්ෂ දෙකකට තුනකට විය හැකිද?එසේ අඩු වැටුපකට එකඟ වූ පසු ක්‍රීඩාවේ මහේලලා මේ දමා තිබෙන පදනම හරි යයි ද? ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉවත්විය යුතු බවට ලිපි නිකුත් කිරීම නොව අමාත්‍යවරයා කළ යුතුව තිබුණේ තරගයේ පරාජය ගැන හේතු සෙවීමය.එය ද තරගාවලිය නිමාවන තෙක් සිට කළ යුතුව තිබිණ.ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ සම්බන්ධයෙන් පුහුණු කාර්ය මණ්ඩලයට දැනුම් දීමක් කර ඇත.
දැනට පවතින තත්ත්වය අනුව ලකුනු 55 ට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ලැබීමේ අවුලට වඩා ඇත්තේ පන්දු යැවීමේදී ප්‍රතිවාදීන්ගේ දැඩි ප්‍රහාරයට ලක්වීමය.2019 සහ 2023 දත්ත අමාත්‍යවරයාට පෙන්වා දෙන්න කෙනෙක් සිටීනම් අමාත්‍යවරයාගේ මේ ලිපිය තාක්ෂණික වශයෙන් දියුණු එකක් වී කැලෑ පත්තරයක තත්ත්වයට පත් නොවී තිබෙන්නට තිබිණ.තවත් තරග දෙකක් තිබියදී ලකුණු 55 ට දැවී ගිය යිට ප්‍රකාශ නිකුත් කරන්නට අමාත්‍යවරයාගේ පෙළඹීම පෙන්වා දෙන්නේ මේ මොහොතේ සමාජජාලා තුළ ක්‍රිකට් පරිපාලනය කරන පිරිසගේ මට්ටමේ සිටින අයෙක් මිස රටේම ක්‍රීඩාවේ පාලනය ඇති අයෙක් තරමට අමාත්‍යවරයා වැඩී නැති බවය.ඒ නිසාම මේ සටහන මේ මොහොතට ජනප්‍රිය එකක් වන්නේ නැත.
එහෙත් අප කියන්නේ අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අත් පසුපසට කරගෙන පිහි තබා නොගෙන පිරිසිදු අත් ඇතිව නිදහස්ව එක මේසයක වාඩි විය යුතු බවය.ඇමතිවරයා ක්‍රිතට් අතුරු කමිටු ගැන සිහින දකින්නේ රගර් සහ පාපන්දුව වැටුණ තැන දැක දැක පාඩම් ඉගෙන නොගනිිමින්ය.එසේම ලංකාවේ ක්‍රිකට් අතුරු කමිටු සම්බන්ධ බරපතලම ඛේදවාචකය අත් වූයේ 2011 ලෝක කුසලාන තරගාවලිය හරහාය.සත්කාරකත්වය සහිතව සිටි ශ්‍රී ලංකාව කටයුතු කළ ආකාරය සෙවිමට හැකි මෘදුකාංග ද සමඟ බඩු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් අතුරුදහන්ව තිබිණි.වැටුප් ගෙවන්නට රජයට මැදිහත් වන්නට විය.එසේ තිබූ පරිපාලනයක් දැන් පත්ව තිබෙන්නේ උපයන ධනය හරියට පරීහීලනය කරන්නේදැයි සෙවීමේ තත්ත්වයටය.


ආණුඩවේ වැඩවලට,වෙනත් සමාජ වැඩවලට,ක්‍රීඩාවන්ට ආධාර දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත වංචනික චෝදනාවන් කරන අතරේම ක්‍රීඩා ඇමතිවරයා කල්පනා කළ යුතුව ඇත්තේ ආණ්ඩුවේ උදව්වෙන් වැටුප් ගෙවන තත්ත්වයට ශ්‍රී ලංකා ක්‍රිකට් පත් කළ පිරිස් කෙතරම් අසාර්ථක වන්නට ඇද්ද?අතුරුදහන් වූ ගිණුම් තොරුතුරුවල කොතරම් මුදලක් තිබෙන්නට ඇද්ද යන්න නොවේද?
ක්‍රිකට් ක්‍රිඩාවක් හැටියට අසාර්ථකවීම පසෙක දා ඊට පිළියම් කවරේද කියන කාරණය ගැන ලිපි ලිවීම නවතා,මහා මුදල් කන්දක් සහිත ක්‍රිකට් පරිපාලනය තමන්ගේ අභිමතය සහිත අතුරු කමිටුවක් යටතට ගෙන ඒම පදනම් කරගෙන ක්‍රීඩා ඇමතිගේ මැදිහත් වීමෙන් පසුව විය හැකි දේ මොනවාද?


ශ්‍රී ලංකා ක්‍රිකට් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තබන සටහනේ පෙන්වා දෙන්නේ ඉදිරියේදි ශ්‍රී ලංකාවට ක්‍රිකට්වලින් ආදායම් එන ව්‍යාපෘතිවල තත්ත්වයය.ක්‍රිකට් මේ මොහොතේ හුදු ක්‍රිඩාවක් නොවන රටට මුදල් ගෙනෙන මාර්ගයක් නම් එය වැළක්වෙන මාර්ගවලට අතදැමීම ආණ්ඩුව වගකීමක් කර ගත යුතුය.අවශ්‍ය පරීක්ෂණ කිරීම සඳහා රටේ නීතිය සහ වෙනත් පාර්ලිමේන්තුව පිළිගත් ක්‍රියාමාර්ග මෙන්ම ජනාධිපතිවරයාගේ සිට ඇමතිවරයා දක්වාම මැදිහත්ව පත් කළ හැකි පරීක්ෂ මණ්ඩල ද වේ.


අමාත්‍යවරයා මේ අවස්ථාවේ තරගයක ප්‍රතිපලයෙන් කුපිත වූ සේ පැවත්වීමට තිබෙන තරග දෙක ද අමතක කර සාමාන්‍ය ප්‍රේක්ෂකයෙක් සේ හැසිරීම හොඳ තත්ත්වයක් නොවේය.අමාත්‍යවරයාම පවසන පරිදි මේ කටයුතු අධීක්ෂණය ක්‍රිඩා අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් සහ ජාතික ක්‍රිඩා සභාවෙන් සිදුවන්නේය.ජාතික ක්‍රිඩා සභාවේ සභාපතිවරයා තරගයක් පැරදුණ විට තරගය පාවාදීමක් ලෙස ක්‍රිඩාංගණ සේවකයාගේ සිට පතුරු ගසන්නේ ඒ මිනිස්සුන්ගේ ආත්ම ගෞරවය පවා සුනු විසුණු කරමින්ය.එවිට පැහැදිළි වන්නේ ඔහු සහ අමාත්‍යවරයා දෙදෙනාම ක්‍රිකට් පරිපාලනය සමඟ කිසිඳු තත්ත්වයක එකඟ නැති බව නොවේද?
කාන්තා ක්‍රිකට් ක්‍රිඩාවෙන් ශ්‍රි ලංකාව ඉදිරියට ඒම.චමරි අතපත්තු අංක එකට ඒම වැනි කාරණා ශ්‍රි ලංකා ක්‍රිකට් අන් සෑම දෙයකටම වරදකරුනම් එම කාරණාවලට යහපත් ආකාරයෙන් බලපා නැද්ද?අමාත්‍යවරයාගේ සහ ඔහුගේ හිතෛශී ක්‍රිකට් සංධානයට අනුව නරක වන දේ ට ශ්‍රි ලංකා ක්‍රිකට් වගකිව යුතු අතර හොඳ දේ අප්පෙක් අම්මෙක් නැති ඕපපාතික දේවල්ය.


අමාත්‍යවරයා සමාජය කැළඹෙන බව කියයි.ඒ මහජන මතය ලෙස පෙන්වා දෙයි.ක්‍රිකට් නිලධාරීන්ට ඉල්ලා අස්වෙන්න කියා පණිවිඩ නිකුත් කරන්නේ ඔහුය.ඉතිං කලබල කිරීමේ කාර්යයේ වැඩ බොහෝමයක් මේ දක්වා එතුමාගේ ජාතික ක්‍රිඩා සභාපති සමඟ එක්ව කර ඇත.ඉතිහාසය නොදන්නා මිනිසුන්ගේ සහ ලංකාවේ දේශපාලනික් හැඩය එක්ක යළි වැරදි නොකරනු ඇතැයි ඕනෑම නරුමයෙකුට අසාර්ථකවම් ඉතිහාසය නොතකා බලව පැවරීමට පුරුදු පුහුණු පිරිස් බලය පවරන සංස්කෘතිය තුළ ඔහුව ඉල්ලීමක් බවට පත් කරගෙන ඇත.ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ක්‍රිකට්වල බලය ඉල්ලමින් ඇත.මේ සියල්ල සිඳුවන්නේ එවැනි පසුබිමක රඟ දැක්වීමට නියමිත නාටකයේ ප්‍රධාන භූමිකාව ලෙස අමාත්‍යවරයාට පැවරී ඇති හෝ පවරාගෙන ඇති චරිකයට අනුවය.


කවුරු හෝ පුටුවල ඉන්දවා වැඩ කරන සංස්කෘතිය වෙනුවට මේ රටට අභ්‍යාස කළ යුතුව ඇත්තේ ක්‍රමය වෙනස් කිරීමය.ඒ ක්‍රිඩාවේදී ඇමතිට අතට වයින් යතුර ලැබෙන පරිදි බලතල පැවරීමෙන් නොවේය.මේ මොහොතේ සිඳුවෙමින් පවතින්නේ මහා මුදල් කන්දරාවක් පාලනය කිරීමේ අයිතිය දිනා ගැනීමට ලෙඩා පන අදින විට දේපළවලට ගහ මරා ගන්න ආකාරයේ සෙල්ලමක්ය.තරගාවලිය නිමාවන්නටත් ප්‍රථම අවසාන පලය නොදැක ඇවිස්සීම විරෝධයට වුව ද කල් වැඩිය.එයින් එළියට පැමිණියේ ක්‍රිකට්වල වැරදි වගේම ක්‍රිකට් සම්බන්ධයෙන් ඇමතිවරයෙකුට නුසුදුසු හැසිරීමක්ය.


ලෝකයම ලෝක සූරයෝ ලෙස පැමිණි කණ්ඩායම පසුපසට වැටෙන අවස්ථාවේ එරට ක්‍රීඩා ප්‍රධානීන් සහ ක්‍රිකට් ප්‍රධානීන් කටයුතු කරන ආකාරය බලා සිටින්නෙමු.2019 හයවන තැන සිටි කණ්ඩායම දැන් සිටින්නේ හත්වන තැනය.හැබැයි 1999 දී 1996 ලෝක සූරයන් පත් වූ තත්ත්වය අමාත්‍යවරයා නොදන්නවා විය යුතුය.ඊට පෙර සිටම ජනමාධ්‍ය කණ්ඩායම ඇතුළේ තිබුණ දේශපාලනය ගැන කතා කළ අතර අසාර්ථක වීමෙන් පසුව සිඳු වූයේ අර්ජුන රණතුංග පෙරළා ලංකාවට නොපැමිණ යුරෝපයේ කාලයක් ගත කරමින් පරාජය සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කර රටේ ජනතාවට ලිපියක් යොමු කිරීමය.
එම ඉරණම අප බොහෝ කාලයකට පෙර සිට වාර්තා කළ තොරතුරු සමඟ පෑහිණ.ඒ වන විට ප්‍රධාන විධායක ධූරයේ සිය අයියා ද,උප සභාපති ධූරයේ මල්ලී ද සමඟ ශ්‍රි ලංකා ක්‍රිකට් හි නායකයාව සිටි අර්ජුනගේ නායකත්වය ඉක්මවා ගිය බලය සුරැකීමට මැදිහත් වූවේ තිලංග සුමතිපාලය.අර්ජුන ජනතාව වෙත ලියන ලිපියේද ක්‍රිකට් පරිපාලනය සහ චාරිකා කළමණාකාරීත්වය දුන් සහය අති උත්කර්ශ්‍යට නංවන්නේ එබැවින්ය.
ඒ ආකාරයෙන් බලන විට එම තරගාවලියේදී ද ලෝක සූරතාවය දිනා සිටි ශ්‍රී ලංකාව අවසාන කණ්ඩායම් හයට පමණක් පැමිණ හයවන තැනට පත්වන ඉන්දියාව ඉදිරියේ පරාජය වන්නේ ලකුණු 157 න් ය.ඉන්දියාව ලකුණු 373 ක් සිය පන්දු ඕවර් 50 නිමාවේ රැස් කරන අතර එය ලකුණු 55 ට දැවී ගිය තරගයේ ඉන්දියාව රැස් කරන ලකුණු ප්‍රමාණයට වඩා වැඩිය.එසේම සමූහ දෙකකට බෙදා පැවත් වූ තරගාවලියේ දී ශ්‍රී ලංකාව අයත් වූ කාණ්ඩයේ ශ්‍රී ලංකාව එම කාණ්ඩයේ සිටි කණ්ඩායම් හය අතර පස්වන තැනට පත් විය.
ඇමතිවරයා අමතක කරන ඉතිහාසය ඔහු ක්‍රීඩාව හා ඇමති ධූරය සමඟ සම්බන්ධ වුව ද,මේ රටේ ක්‍රීඩාවන් සහ ක්‍රිකට් ක්‍රිඩාව සමඟ සම්බන්ධ ඉතිහාසයක් ඇති සියල්ලෝ දනිති.ඒ නිසා අපහසු වැරදි සිඳු වූ කාලයන් අප පසුකර ඇත.නැවත නැවත ඒවා හමුවන විට වඩාත් බුද්ධියෙන් සහ සංයමයෙන් ඊට මුහුණ දිය යුතුව ඇත.ඇත්ත එබඳුය.කියන දේ ට විරුද්ධ වීම යනු ද්‍රෝහියෙක්ගේ ස්වභාවය නොවන්නේය.අමාත්‍යවරයා විවේචන සම්බන්ධයෙන් උගත යුත්තේ එයය.මේ ඉදිරිපත් කරන දත්ත සහ කරුණු පිළිබඳව සිතා බැලිය හැකිනම් කොහොල්ලා ගුලියකට පහර දෙන්නට හදන විටත් හිත දිනා ගැනීමට හුරේ තබන පිරිස්වලට වඩා ඔබට අමාත්‍ය පෞරුෂය සකසා ගැනීමට වැදගත් වනු ඇත.පෞද්ගලිකව පරිපාලනයේ සිටින කණ්ඩායම්වලින් බැහැර කණ්ඩායම් තමන්ගේ පරිපාලන පෞරුෂය සඳහා අවශ්‍යය බව සිතා විරුද්ධ යන වචනය පමණක් පාදක කරගෙන රොක් කර ගැනීම සිටින පරිපාලනයේ දල බිඳින්න යාම අමනෝඥ ක්‍රියාවකි.අමාත්‍යවරයා බොහෝ විට සිඳු කරන්නේ මෙයය.ඒ වෙනුවට ක්‍රීඩාව වෙනුවෙන් පවතින පරිපාලන සමඟ එකඟ විය හැකි කාරණා තෝරාගෙන ඒවා පෝෂණය කරන්න.එකඟ නොවන කාරණා මැදිහත් පිරිස් සමඟ එක්ව සාකච්ඡාවට ගෙන මධ්‍යයනයට පිවිසෙන්න.තරගාවලියක් පවතින මොහොතක එක තරගයක ප්‍රතිපලවලින් කුපිත වී හතර අතේ නෙලන්නට යාම අමාත්‍යවරයෙක්ට තිබිය යුතු බුද්ධිය වෙනුවට පෙන්වන්නේ පිනාගේ කඩේට පැන්න සතාගේ සෙයියාවක් බව අවබෝධ කරගන්න.ඔබට හොද විවේචකයන් නැත.පාලකයා ප්‍රශස්තිවලින් මත්වන්නෙකු වීමට වඩා විවේචනවලින් ඉගෙන ගන්නෙක් වීම වැදගත් වනු ඇත.


පිට්ටනියට බහින එකොළහ ගැන සතුටු වන්නට නොහැකිය.අමාත්‍යවරයා කියන ආකාරයටම ඔවුන් අදක්ෂයන් නොවේය.ඔවුන්ට මනස නිසොල්මනේ තබාගෙන ක්‍රීඩා කරන්නට නොහැකි තත්ත්වයක් ඇත.වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයාට එසේ නොවිය යුතුය.කල්පනාවට ගත යුත්තේ ඊට කළ යුත්තේ කුමක්ද යන්නය.ඇමතිවරයා යෝජනා කරන ඇන්ජලෝ මැතිව්ස් දැන් කණ්ඩායමේ ඇත.නැත්තේ දිනේස් චන්දිමාල් පමණි.මැතිව්ස් ක්‍රිඩා කළ හැටි ගැන සහ ඔහු දුන් දායකත්වය ගැන ඔහුට දායකත්වය දිය හැකි ප්‍රමාණය ගැන අමාත්‍යවරයා සතුටු ද?
අමාත්‍යවරයා මේ අදහස් එළි දැක්විමෙන් ඇන්ජලෝ කණ්ඩායම ඇතුළට ගැනිමේ බලවේගය තුළ සිටියා හෝ ඒ සඳහා ආශිර්වාදාත්මක බලපෑමක් එකතු කළා හෝ යැයි කිසිවෙක් විශ්වාස කරනවානම් ඊට එරෙහි වීමට නොහැකිය.ඒ හරහා මේ තරගාවලියේ ගලායාම නිරික්ෂීනය කරන්නෙකුට පෙනෙන්නේ අමාත්‍යවරයාගේ දැණුමය.තේරීම් කමිටුව ද එවැනි තේරිම් කළ බව අපේ අදහස වන විට තේරීම් කමිටුවට බනින ඇමතිවරයාගේ යෝජනා කියන්නේ ඊටත් එහා ගිය තත්ත්වයක ඔහු ඇති බවය.
අමාත්‍යවරයා අසාර්ථකවීමේ කරුණු හැටියට පෙන්වා දෙන දත්තවල එල්පීඑල් ඇත.එය පිළිගත හැකිය.එවිට වෙනස් කිරම සඳහා අමාත්‍යවරයා යෝජනා කරන නම් අතර ඒ මොහොතේ එල්පීඑල් සමඟ බද්ධව සිටිය අය ඇත.එවිට අමාත්‍යවරයාගේ තේරීම කිනම් ආකාරයක් ගනියිද?


මේ තර්ක ගොඩනඟන ආකාරයේ අවුලක් ඇත.අයිසීසි යට බලපෑම් නොකරන බව කියන අමාත්‍යවරයා අනෙක් පසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ඉල්ලා අස්වෙන්න යෝජනා කරන්නේය.මේ තත්ත්වය මත අයිසිසී තහනම පැමිණියහොත් සිඳු විය හැක්කේ කුමක්ද?අපි වසර ගණනක් බලා ඉම්මු කියා ඇමතිවරයාට යෝජනා කරන අය ද ඇත.හැබැයි ක්‍රිකට් නොව මේ රටට ඒ මොහොතේ ලැබෙන ඩොලර් ද ඒ කාලය තුළ අහිමිය.
දැන් ඇත්තේ ක්‍රිකට් තමන්ගේ වසඟයට ගැනීම නොවේය.ප්‍රහ්නය හරියට තේරුම් ගැනීමය.රටේ නායකයන් සමඟ ඇමතිවරයාද ඥාණාක්කා සරන ගියේදැයි අපි නොදනිමු.නමුත් මේ සංස්කෘතිය ඇතුළෙ තමන්ව මානසිකව සූදානම් නැති බව සහ සූදානම් විය යුතු බව ක්‍රීඩකයෝම වටහාගෙන සිටිති.ඒ නිසාම ඇතැම් අය කාන්තාවන්ගෙන් භාවනා පාඨමාලා කර සහතික ද ලබා ගෙන ප්‍රසිද්ධ කරයි.එහෙත් ඒවා නිසි විද්‍යාත්මක ක්‍රමය ලෙස ඔප්පු වි නැත.ප්‍රතිපලය එයය.මේ තත්ත්වයන් වෙනස් කළ යුතුව ඇත.
නිසි සුදුසුකම් ඇති මනෝ වෛද්‍යවරයෙක් නොව අභිප්‍රේරණයක් වෙත ක්‍රීඩකයින් යොමු විය යුතුව ඇත.කළමණාකාරවරු ලෙස ක්‍රිඩකයන්ගේ වැඩ කරන පිරිස් ඊට අවශ්‍යය සුදුසුකම් ප්‍රමාණයක් සපුරා තිබිය යුතුය.ඒවා ගැන වහාම සැළසුම් සකස් කළ යුතුය.තරගවලදී මෙන්ම තරග සඳහා සූදානම් කාලයන්හී දී ද ඒ සඳහා දක්වන අවධානය ගැන ක්‍රිඩකයන්ට වගකීමක් දිය යුතුය.ලොක්කෙක් වෙන්න තමන්ට අවශ්‍යය විදිහට වැඩ කරන්න බලපෑම් කිරීම අවශ්‍යය නැත.තමන් ක්‍රීඩාවේ ලොක්කාය.ඒ ලොකුකම බලගතු කරගෙන තහංචි දැමීමට මුල් තැන දිම වෙනුවට නිදහස දී හොඳ ප්‍රතිපල ගැනීමට සහ සාකච්ඡා සහ සංවාද සඳහා යොමුවීම වැදගත්ය.


දැන් සිඳුවෙමින් පවතින්නේ වම් කකුලේ තුවාලයට දකුණු කකුල කපා දැමීමට උථ්සාහ දැරීමය.තුවාලයක් ඇති විට කකුල නොකපා එය ද බේරා ගන්නා ආකාරය සිතිය යුතු වුවත් වැරදි කකුලක් කපන්නට තරම් සැහැසි වීම ආචාර ධාර්මිකව පිළිගැනීමට නොහැකිය.අඩුම තරමේ විවේචනය යන්න වෛරී ප්‍රකාශයක් යන්න සිතීමේ පුරුද්දෙන් මිදී තමන් තමන්ගේම අභ්‍යන්තර චෛතසිකයට සම්මුඛව මෙම සටහන කියවා ගන්නේ නම් යහපත අමාත්‍යවරයාටය.
ඡායාරූපයේ සිටින්නේ 1999 දී එවකට ලෝක සූරයන් වූ ශ්‍රි ලංකාවට එරෙහිව ලකුණු 373 ක් ලබා ගත් ඉන්දියානු කණ්ඩායමේ ශතකලාභි සව්රාව් ගංගුලි සහ රාහුල් ඩ්‍රාවිඩ් ය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan