සජිත් දුප්පත් ජනතාවට විශාල මෙහෙවරක් කරනවා. එහෙව් නායකයෙකුට හූ කියන්න පුළුවන්ද? – රාජිත (VIDEO)

Date:

මේ රටේ තැලෙන පෑගෙන දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් අප්‍රමාණ මෙහෙවරක් කළ රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනය කළේ ත්‍රස්තවාදීන් විසින් බවත්, ඔහු කළ වරද මේ රටේ දුගී දුප්පත්කම නැති කිරීම වෙනුවෙන් කැපවීම බවත් සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

රටේ ජනතාව වෙනුවෙන් පියා දන්දුන් සජිත් ප්‍රේමදාස මහතා අද මේ රටේ දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කරන බවත්,එවන් නායකයෙකුට හූ කියන්නේ කෙසේදැයි තමන්ට හිතා ගන්නටවත් නොහැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

රෑදවල් ජනතාව වෙනුවෙන් වැඩ කරන සජිත් ප්‍රේමදාස මහතාට හූ කියන්නට අනුබල දෙන පුද්ගලයා රට වෙනුවෙන් සිදු කොට ඇත්තේ කුමක්දැයි ප්‍රශ්න කළ රාජිත සේනාරත්න මහතා, අඩු තරමේ දුප්පත් මනුස්සයෙකුට බත් පැකට් එකක්වත් දෙන්නට ඔවුන් කටයුතු කර නැතැයි ද පෙන්වා දුන්නේය.

ඉතිහාසයේ අන් කවරදාකවත් නැති තරමට රට අභාග්‍ය සම්පන්න ඉරණමකට තල්ලු වී ඇති බව පැවසූ රාජිත සේනාරත්න මහතා ඒ අවාසනාවන්ත ඉරණම රට ගොඩනඟා ගැනීමේ වගකීම සමගි ජන බලවේගයට පැවරී ඇතැයි ද පැවැසීය.

රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (05) පැවති නැගෙනහිර අනුරාධපුර සමගි ජන ජන බලවේගයේ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...