දේශීය පුවත් විස්තරය: සාරාංශය 11/6

Date:

  1. චයිනා එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකා රජය අතර ගිවිසුම හෙළි කරන තුරු ශ්‍රී ලංකා ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවසන් යෝජනාව ප්‍රමාද කරන බව “පැරිස් සමාජය” රජයට දන්වයි: දෙපාර්ශවය අතර එළඹ ඇති රහස්‍ය ගිවිසුම පැරිස් සමාජය සමඟ බෙදා ගැනීමට ඉඩ දෙන ලෙස ශ්‍රී ලංකා රජය විසින් කළ ඉල්ලීමට චීන පාර්ශවය තවමත් ප්‍රතිචාර දක්වා නොමැති බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පෙන්වා දෙයි.
  2. නොවැම්බර් 3 දක්වා සති 14ක කාලයක් තුළ රු. බිලියන 34.1ක් (ඇ.ඩො. මිලියන 106ක්) රජයේ සුරැකුම්පත්වලින් බැහැර කර ගැනීමට විදේශ ආයෝජකයන් කටයුතු කර ඇති බව වාර්තා වේ: ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල විදේශ වත්කම් ජූලි 27 වන විට පැවති රු. බිලියන 182.5 සිට නොවැම්බර් 3 වන විට රු. බිලියන 148.4 දක්වා පහත වැටේ: මහ බැංකුව විසින් හදිසියේ සහ පැහැදිලිකළ නොහැකි ලෙස ශ්‍රී ලංකා රුපියල අධිප්‍රමාණය කිරීම හමුවේ හොට්-මනි (hot-money) වැනි විදේශ ආයෝජකයන්ට දැවැන්ත ප්‍රාග්ධනයක් ඉපයීමට ඉඩ සලසා දී ඇති අතර, ඩොලරයේ අගය රු. 365 පැවති කාලසීමාව තුළ ඔවුන් විසින් රජයේ සුරැකුම්පත් මිලදී ගැනීම සහ ඉන් අනතුරුව ඩොලරය රු. 300 – 335 දක්වා පහත වැටුණු විට ඔවුන් විසින් සුරැකුම්පත් විකිණීම මීට හේතුව බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
  3. අධිකරණයේ සාමාජිකයන්ට උපයන විට ගෙවීමේ (PAYE) බද්ද අදාළ වීම වළක්වන මෙන් ඉල්ලා අධිකරණ නිලධාරීන්ගේ සංගම් විසින් ගොනු කළ පෙත්සම් 03ක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි.
  4. පාතාල නායක ‘හරක් කටා’ නැමැත්තා අත්අඩංගුවට ගෙන යළි ශ්‍රී ලංකාවට රැගෙන එනු වෙනුවට ඩුබායි වෙත පිටත් කිරීමට පහසුකම් සලසා දෙන මෙන් ඉල්ලා තමා වෙත රු. මිලියන 700 ක අල්ලසක් ලබා දීමට ඉදිරිපත් වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි: මෙම අල්ලස ලබා දීමට ඉදිරිපත් වූ තැනැත්තා අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් බව පවසයි: ඒ ඒ පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් තම ප්‍රදේශවල සිදුවන ඕනෑම අපරාධ ක්‍රියාවන්ට වගකිව යුතු බවට අනතුරු අඟවයි.
  5. ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සහ ලංකා විදුලිබල මණ්ඩලයට ඔවුන්ගේ ණය පියවීම සඳහා භාණ්ඩාගාරයෙන් රු. බිලියන 238.9ක් ලැබීමට නියමිත අතර, එමඟින් එම ආයතන දෙකට ඔවුන් වෙන් කිරීමේ ක්‍රියාවලියට (divestment) ප්‍රථම සිය ශේෂ පත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීමට හැකි වනු ඇති බව සඳහන්: මෙම අවශ්‍යතාවයට අදාළ පරිපූරක ඇස්තමේන්තුව ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
  6. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් පත් කරයි: සභාපති අර්ජුන රණතුංග, සාමාජිකයන් වන්නේ විශ්‍රාමික විනිසුරුවරුන් වන එස් අයි ඉමාම්, රෝහිණී මාරසිංහ සහ අයිරාංගනී පෙරේරා, උපාලි ධර්මදාස, රඛිත රාජපක්ෂ සහ හිෂාම් ජමාල්ඩීන් ය.
  7. නීති විරෝධී ලෙස වෙනස් කරන ලද විදුලි සවි කිරීම් සහ විදුලි මීටර හේතුවෙන් 2023 වසරේ පළමු මාස 8 තුළ රුපියල් මිලියන 80 කට ආසන්න පාඩුවක් සිදුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
  8. කොළඹ මැරීන් ඩ්‍රයිව් දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති මගී ගුවන් පාලම කඩා ඉවත් කිරීමේ කටයුතු හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු බම්බලපිටිය දුම්රිය ස්ථානය අසලින් එම මාර්ගය වසා තැබේ: රථවාහන රියදුරන්ට විකල්ප මාර්ගවලින් ධාවනය කරන මෙන් පොලීසිය දැනුම් දෙයි.
  9. අලුතින් පත් වූ තානාපතිවරු කිහිප දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට අක්තපත්‍ර භාර දෙති: ලැට්වියාව, කාම්බෝජය, පෘතුගාලය, සුරිනාම්, ජිබුටි, ඇන්ගෝලා, ෆින්ලන්තය, වෙනිසියුලාව සහ නෝර්වේ යන රටවලට අදාළව මෙම තානාපතිවරු පත්කර ඇත.
  10. නවදිල්ලි නගරයේ පවතින දැඩි වායු දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය පුහුණු සැසිය අවලංගු කරයි: ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ ලෝක කුසලාන ලීග් තරඟය සඳුදා දින දිල්ලි නුවර දී පැවැත්වීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉව

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: මේ මොහොතේ ආසියානු යොවුන්...