අශෝක ජයතුංග
වොෂින්ටන් DC (LNW): 😡 වි: නායක සජිත් පුමුඛ සජබ ඉදිරිපත් කල දූෂිත ක්‍රිකට් පරිපාලකයන්ට එරෙහි යෝජනාව පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ එකගත්වයෙන් සම්මත කරන පසුබිම ඇතිවෙයි.
😡ක්‍රිකට් බේරාගන්න මුළු පාර්ලිමේන්තුවම එකම තලයට ගෙනාවා මෙන් රට බේරා ගන්නත් ඒ දේම කරනවා – සජිත් කියයි.
😡 ක්‍රිකට් සුද්ද කර හරි පාරට ගන්න ඇමති හා ආණ්ඩුව අතර එකඟත්වයක් තිබුණෙම නෑ – සජිත්.
😡 උසාවි අතුරු තහනමින් සිදුවන්න ගිය දූෂිත හොරු රැළ යළි ක්‍රිකට් වලට වැදී එය විනාශ කිරීම හා දූෂිත සාක්කි විනාශ කිරීම වැළකීම පාර්ලිමේන්තු වගකීමයි – සජිත්.
😡 උසාවි යායුත්තේ දෑත් පිරිසිදු අයයි. නමුත් ක්‍රිකට් ප්‍රශ්නයේදි උසාවි ගියේ එහෙම අය නොවන නිසා ඒ තීන්දුව රට පිළිගන්නෙ නෑ – කිරීඇල්ල.
😡මත්පැන් සමාගම් වලින් අයවිය යුතු රු බිලි 50 ක බදු අතහැරලා ආණ්ඩුව වෘත්තිකයන්ගේ පඩි පතෙන් බදු ගැසීම ඉතා අසාධාරණ බවට සජිත් පුමුඛ සජබෙන් චෝදනා.
😡තමා සභාපතිකම දරන පාර්ලිමේන්තු ක්‍රම හා විධි කාරක සභාවේ එළිදරව් මත හොර මත්පැන් කර්මාන්ත ශාලා වැටලුවා හා විදෙස් ශ්‍රමිකයන්ට දෙන විදුලි වාහන වල අවභාවිතා එළිවුණා – පාඨලී.
😡සජිත් – ජලනි ගෙන් 41 වන සුහුරු පංති කාමරය දඔදෙනිය දම්සෙන් විදුහලට.
😡 දෙවරක් බාල බව ඔප්පුවූ තෙල් ගෙනැත් යළිත් රටේ වාහන විනාශ කරන්න ආණ්ඩුව හදනවා – සජිත්.
😡රටේ පාළකයෙකුට මෙවැනි දැඩි අභියෝගයක් කල ඇමතිවරයෙක් ඉතිහාසයේ නෑ. සමීප අයගේ වැරදි උපදෙස් මත දූෂිතයන් රකින්න ගිහින් ඔහු ජනතාව අතරත් පසුපසට තල්ලු වෙලා – සජබ මහලේකම් රංජිත්.
😡“ෂට් අප් ඇන්ඩ් සිට් ඩවුන්” කියන තැනට රටම පත් කරන්න පාළකයන් උත්සාහ කරන බවට නීතීඥ සංගමය චෝදනා කිරීම කාගේත් අවධානයට යොමුවිය යුතු කරුණක් – අජිත් පී.
😡 අධිකරණය හා විශේෂයෙන් අභියාචනාධිකරණය ගැන ඇමති රොෂාන් එල්ලකල චෝදනා ගැන රටේම විශාල අවධානයක් හා සංවාදයක් ඇති වෙලා – අශෝක අබේසිංහ කියයි.
😡 ආණ්ඩුව ගේන්න හැදූ ඔන්ලයින් පනත සරල බහුතරයෙන් සම්මත කරන්න නම් විශාල සංශෝධන අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරලා – ගයන්ත.
😡නුවරඑළිය හා මහනුවර තැපැල් ගොඩනැගිලි මිතුරන්ට හෝටල් වලට දෙන්න යාමෙන් තැපැල් වර්ජනයක් කැඳවා ගත්තා – හේවාහැට සජබ සංවිධායක අර්ල් ගුණසේකර.
😡 රෝහිනී කවිරත්නට එරෙහිව රාජ්‍ය ඇමතිවරයෙක් කී පහත් කතාවකට එරෙහිව කාන්තාවන් ගැන මරහඬ දීපු සජබෙන් පැනපු කෙනා කෝ – නලින් බංඩාර අසයි.
