Monday, December 4, 2023
spot_img

Latest Posts

මාරවිල වෙඩි තැබීමක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පුද්ගලයෙකුට වෙඩි තබා තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී තුවාල සිදු කර ඇති සිද්ධියක් මාරවිල උතුරු මුදුකටුව ප්‍රදේශයෙන් වාර්තා වේ.

පොලිසිය පවසන්නේ, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර ඔහු වයස අවුරුදු 28 ක් වන බණ්ඩාරවත්ත මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

එමෙන්ම වයස අවුරුදු 48ක් වන ඔහුගේ මව කැපුම් තුවාල සහිතව රෝහල්ගත කර ඇති බවත්, වෙඩි තැබීම සිදු කළ වයස අවුරුදු 52ක් වූ පුද්ගලයා ද ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බවයි පොලිසිය වැඩි දුරටත් පවසන්නේ.

මා දැලකින් මාළු මිලදී ගැනීමට ගිය අවස්ථාවේ ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම සිද්ධිය සිදුව ඇති වී ඇති බවත්, සිද්ධියට තවත් පිරිසක් සම්බන්ධ බවට ද විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් පොලිසිය පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.