Saturday, December 9, 2023
spot_img

Latest Posts

වයසට නොයන Mickey Mouse ගේ 95 වන උපන්දිනය අද!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සෑම වසරකම නොවැම්බර් 18 දින Mickey Mouse දිනය සමරනු ලබ‍යි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, මෙම දිනය 1928 නොවැම්බර් 18 වන දින සිය මංගල දර්ශනය ආරම්භ කළ සැමට සතුට ගෙන එන සහ වික්‍රමාන්විත කාටූන් චරිතයක් වන Mickey Mouse නිර්මාණය සැමරීමට දිනයක් වෙන්කර තිබීම සුවිශේෂී කරුණක් ලෙසයි. මේ සමරනු ලබන්නේ, 2023 වසරේදී Mickey Mouseගේ 95 වන උපන්දිනයයි.

සජීවීකරණය කළ නොහොත් Animated කාටුන් චරිතයක් වුවත්, Mickey Mouse වසර ගණනාවක් පුරා The Walt Disney සමාගමේ සංකේතයක් වී ඇති අතර, Mickey Mouse යනු සෑම කාලයකම වඩාත්ම ප්‍රසිද්ධ හා කීර්තිමත් වූ ප්‍රබන්ධ චරිතයක්ද වේ.

කෙසේ වෙතත්, Mickey Mouse නිර්මාතෘ The Walt Disney පවසන්නේ Mickey සඳහා මුල් නම වූයේ Mortimer බවයි.

The Mickey Mouse Club ප්‍රථම වරට ආරම්භ වූයේ 1955 ඔක්තෝබර් 3 වනදා වන අතර ප්‍රසිද්ධ ගායකයෙකු වන Justin Timberlake’s වෘත්තීය ජීවිතයද ආරම්භ කර ඇත්තේ මෙම වැඩසටහනෙන් වීමද විශේෂත්වයක් වේ.

Hollywood Walk of Fame හි තරුවක් හිමිකරගත් පළමු කාටූන් චරිතය වීමටද Mickey Mouse සමත් වූ බවයි වාර්තා වන්නේ.

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.