මහින්දලා කැප්පෙටිපොළලා යුග පුරුෂයෝද ?

Date:

කැප්පෙටිපොළ යනු ද යුග පුරුෂයෙක් නොවේ.. යුගපුරුෂයෙක් යනු නව යුගයක් නිර්මාණය කරන්නෙකි… මෙහිදී කැප්පෙටිපොළ යනු බිහිවෙමින් තිබූ නව ධනවාදයට එරෙහිව නැවත පරණ රාජාන්ඩුව ප්‍රතිනිර්මානය කිරීමට වෑයම් කල ඉතිහාසය ආපිට හැරවීමට වෑයම් කල අයෙකි..

ඒ යුගයට අදාලව යුගපුරුෂයන් වූයේ වැඩවසම් ලංකාවේ නව ජාතික අධ්‍යාපන පද්දතියක් සකස්කිරීමට පුරෝගාමී වූ අයිවර් ජෙනිංග්ස් වැනි යුගයේ උගතුන්ය..‍ රාජාන්ඩු ඒකාධිපතිවාදය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වැඩකල කෝල්බෘක්, ඩොනමෝර්, මැක්ලම් වැනි පුද්ගලයන්ය… එසේම වැඩවසම් යුගයේ තිබූ අඩි පාරවල් කරත්ත පාරවල් වෙනුවට රටම ඒකාබද්ධ කල මාහාමාර්ග හා දුම්රිය මාර්ග පද්දතියක් නිර්මාණය කිරීමට කැපවූ කැප්ටන් ඩෝසන් වැනි තාක්ෂණ වේදීන්ද යුගපුරුෂන් ලෙස ගත හැක..

ඒ කෙසේ වෙතත් කැප්පෙටිපොළලා හා මහින්ද අතර යම් සමානකමක් නම් පවතී.. මක්නිසාදයත් මහින්ද ද අතීතකාමී ගෝත්‍රවාද වල සහ පරණ ඉතිහාස උරුමය හොයන යධවාදවල වාහකයෙක් වන බැවින්..

එසේම මහින්දගේ දේශපාලන පිළිවෙත රට බංකොලොත් වීමට සහ රට ආපසු හැරවීමට හේතුවූ බව උසාවි තීන්දුවක ද සටහන්ව ඇත…

මහින්දලා කැප්පෙටිපොළලා වූ කලී නව යුගයක් නිර්මාණය වීමට අදාල බාධාවල් වූ චරිත වර්ගයන්ය ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...

විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්!

කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු කරන...

දිගු කළකට පසු ඩොලරයේ මධ්‍ය අගය රු. 310 සීමාව ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : අද (07) දිනයේ...

ඉන්දියාවේ පළමු AI සායනය: සත්‍ය ලෙස මෙය කුමක්ද? එය රෝගී සත්කාර වැඩිදියුණු කරන්නේ කෙසේද?

රෂිකා හෙන්නායක ජනවාරි 07 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ පළමු...