උතුරු කොරියාව ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට උත්සහ කළ බවට ජපානයෙන් චෝදනා

Date:

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

එළඹෙන බ්‍රහස්පතින්දා(23)වන දා සිට දෙසැම්බර් 1 වන දා දක්වා ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීමට උතුරු කොරියාව සුදානමින් සිටින බවට ජපානයේ අගමැති ෆුමියෝ කිෂිඩා අනතුරු අඟවා තිබේ.

මේ අවස්ථාව තරයේ හෙළ දකිමින් ජපන් අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ, අරමුණ චන්ද්‍රිකාවක් දියත් කිරීම වුවද, බැලස්ටික් මිසයිල තාක්ෂණය භාවිතා කිරීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනා මාලාවක් උල්ලංඝනය කිරීමක් බව ප්‍රකාශ කළ අගමැතිවරයා සඳහන් කළේ, උතුරු කොරියාවේ ක්‍රියා කලාපය එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි. මේ සම්බන්ධයෙන් ජපානය එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ අනෙකුත් අය සමඟ කටයුතු කරන බවටද ජපන් අගමැති කිෂිදා මාධ්‍ය වෙත සඳහන් කර තිබිණ.

අගමැති කිෂිදා උතුරු කොරියාවට අනතුරු අඟවමින් ප්‍රකාශ කර තිබුණේ, අනපේක්ෂිත තත්වයක් ඇති වුවහොත්, PAC-3 ගුවන් ආරක්ෂක මිසයිල ඇතුළු තම රටේ ආරක්ෂක පද්ධතිය උතුරු කොරියාවට එරෙහිව සූදානම්ව සිටින බවයි.

උතුරු කොරියාව මේ වසර මුලදී ඔත්තු බැලීමේ චන්ද්‍රිකා දෙකක් අභ්‍යවකාශ ගත කිරීමට උත්සහ කළමුත් එම අවස්ථාවන් දෙකම අසාර්ථක විය. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පසුගිය සැප්තැම්බර් මාසයේදී රුසියානු ජනාධිපති පුටින් හමුවූ අතර එහිදී ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්යොංයැං චන්ද්‍රිකා තැනීමට උදව් කිරීමට පොරොන්දු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම නව චන්ද්‍රිකාව දියත් කරනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ අයවැය : මාලිමාවට හේත්තු වුණු බුහාරිගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වළකමින් උසාවි නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ මහ නගරසභාවේ අයවැය සඳහා දෙවැනි...

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...