මෙරට බැංකු පද්ධතිය ගැන Fitch Ratings වෙතින් සුබවාදී නිවේදනයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ (LNW):

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයට අනුව ඔවුන් පවසන්නේ, ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සුබවාදී වාතාවරණයක් සකස් වී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වීමත් සමග, මෙරට බැංකු පද්ධතියේ පැවති පීඩනකාරී තත්ත්වය පහව යනු ඇති බව, නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පෙන්වා දෙයි.