ඇඳුමට දීමනාවක් ඉල්ලන ගුරුවරු ….

Date:

ගුරුවරුන් සඳහා නිශ්චිත ඇඳුමක් චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කළහොත් ඒ සඳහා දීමනාවක් ලබා දිය යුතු බව ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ, පහසු ඇඳුමකින් සැරසී කාර්යාල සඳහා සේවයට වාර්තා කරන ලෙස නිකුත් කර ඇති චක්‍රලේඛය අත්තනෝමතික ලෙස වෙනස් කිරීමට රජය උත්සාහ දරමින් සිටින බවය.

ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවීමට ද කටයුතු කරන බව ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේය.

“රාජ්‍ය සේවකයින්ට පහසු ඇඳුමකින් සේවයට එන්න තියෙන අවස්ථාව පරිහරණය කිරීමට බැහැ කියනවා නම් එය පොදු තීරණයක් බවට පත්වෙන්න ඕනේ. ඇඳුම් සම්බන්ධයෙන් විවිධ අයට තීරණ ගන්න බෑ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා ක්‍රමයක් නැතිව අත්තනෝමතිකව වෙනස් වීම් කරනවා නම් අපි අනිවාර්යයෙන්ම අධිකරණ ක්‍රියාමාර්ගයට යනවා.

මේ තියෙන එක එහෙම වෙනස් කරන්න පුළුවන්කමකුත් නෑ. පැහැදිලිවම දැනට සාරිය අඳින එක කිසිම ගැටලුවක් නෑ. ඉස්සරහටත් කිසිම ප්‍රශ්නයක් නෑ. යම්කිසි විදියට බලහත්කාරයක් ආවොත් ඒ අයට නිල ඇඳුම් දීමනාවක් දෙන්න වෙයි. ගුරුවරු කැමැත්තෙන් සාරිය අඳිනවා. ඒක ප්‍රශ්නයක් නෑ. අනිවාර්ය කළොත් අපි අනිවාර්යෙන්ම දීමනාවක් ගන්නවා.”

ස්ටාලින් මහතා පැවසීය .

රෂිකා හෙන්නායක
2022.11.24

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...