ඔමික්‍රෝන් ප්‍රභේදය ආවොත්, වසන්තය නිමවෙනවා සත්තයි. වහාම ගුවන්තොටේ PCR අරඹන්න – කුමුදේශ්

Date:

දකුණු අප්‍රික්‍රාවෙන් හඳුනාගෙන ඇති දරුණු කොවිඩ් ප්‍රභේදයක් වන ඔමික්‍රෝන් ප්‍රභේදයට මෙරටට ඇතුළු වීමට ඉඩ නොතැබීම සඳහා ඉතාම සැලකිලිමත් වියයුතු බවත් ඒ සඳහා ගුවන්තොටුපලේ ඇති රසායනාගාර භාවිතා කර පැය තුනෙන් ප්‍රතිඵල ලබාගත හැකි PCR පරීක්ෂණ සිදුකිරීම වහාම ආරම්භ කළයුතු බවත් වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අවධාරණය කරයි

“අපි රටක් විදිහට යම් ප්‍රමාණයක් හෝ කොවිඩ් පාලනය කරගෙන ඉන්නේ ස්වභාවික ප්‍රතිශක්තිය නිසා සහ එන්නත් ප්‍රතිශක්තිය නිසා. 

දකුණු අප්‍රිකාවෙන් හදුනාගත් ඔමික්‍රෝන් ප්‍රභේදය නැවත ආසාධනය විය හැකි ප්‍රභේදයක්. ඒ වගේම දැනට තියන එන්නත් සියල්ලට ප්‍රතිරෝදී ප්‍රභේදයක්. ඒ නිසා ඔමික්‍රෝන් රටට ඇතුලු වෙනවා කියන්නේ, වසන්තය ඉවර වෙනවා සත්තයි.

ඒත් අපි තාම රට ඇතුළුවෙන අයගේ PCR පරීක්ෂණ කරන්නේ නැහැ. වහාම ඔන් අරයිවල්  PCR පරීක්ෂණ  ඇරඹිය යුතුයි. පැහැදිලිවම අපි රජයට කියනවා කරුණාකරලා මේ හෝටල් මාෆියාවට සහ  PCR මාෆියාවට යටවෙන්නෙ නැතුව ගුවන් තොටුපලේ තියෙන ගුවන්තොටුපල අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසයනාගාර පාවිච්චි කරලා පැය තුනක් ඇතුළත කරලා දෙනවා කියන මේ  PCR පරීක්ෂණය වහාම ආරම්භ කරන්න”

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මේ බව පැවසුවේ ඊයේ (27) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි. 

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...