ඔමික්‍රෝන් ප්‍රභේදය ආවොත්, වසන්තය නිමවෙනවා සත්තයි. වහාම ගුවන්තොටේ PCR අරඹන්න – කුමුදේශ්

දකුණු අප්‍රික්‍රාවෙන් හඳුනාගෙන ඇති දරුණු කොවිඩ් ප්‍රභේදයක් වන ඔමික්‍රෝන් ප්‍රභේදයට මෙරටට ඇතුළු වීමට ඉඩ නොතැබීම සඳහා ඉතාම සැලකිලිමත් වියයුතු බවත් ඒ සඳහා ගුවන්තොටුපලේ ඇති රසායනාගාර භාවිතා කර පැය තුනෙන් ප්‍රතිඵල ලබාගත හැකි PCR පරීක්ෂණ සිදුකිරීම වහාම ආරම්භ කළයුතු බවත් වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අවධාරණය කරයි

“අපි රටක් විදිහට යම් ප්‍රමාණයක් හෝ කොවිඩ් පාලනය කරගෙන ඉන්නේ ස්වභාවික ප්‍රතිශක්තිය නිසා සහ එන්නත් ප්‍රතිශක්තිය නිසා. 

දකුණු අප්‍රිකාවෙන් හදුනාගත් ඔමික්‍රෝන් ප්‍රභේදය නැවත ආසාධනය විය හැකි ප්‍රභේදයක්. ඒ වගේම දැනට තියන එන්නත් සියල්ලට ප්‍රතිරෝදී ප්‍රභේදයක්. ඒ නිසා ඔමික්‍රෝන් රටට ඇතුලු වෙනවා කියන්නේ, වසන්තය ඉවර වෙනවා සත්තයි.

ඒත් අපි තාම රට ඇතුළුවෙන අයගේ PCR පරීක්ෂණ කරන්නේ නැහැ. වහාම ඔන් අරයිවල්  PCR පරීක්ෂණ  ඇරඹිය යුතුයි. පැහැදිලිවම අපි රජයට කියනවා කරුණාකරලා මේ හෝටල් මාෆියාවට සහ  PCR මාෆියාවට යටවෙන්නෙ නැතුව ගුවන් තොටුපලේ තියෙන ගුවන්තොටුපල අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසයනාගාර පාවිච්චි කරලා පැය තුනක් ඇතුළත කරලා දෙනවා කියන මේ  PCR පරීක්ෂණය වහාම ආරම්භ කරන්න”

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මේ බව පැවසුවේ ඊයේ (27) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි. 

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...