චීන රජයේ ආධාර මත කලාකරුවන් හා මාධ්‍යවේදීන් සහ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 1,996ක් ඉදිකිරීමේ ගිවිසුමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අඩු ආදායම්ලාභීන්, කෘතහස්ත කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් චීන රජයේ ආධාර මත නිවාස 1,996ක් ඉදිකිරීමේ ගිවිසුමට අත්සන් තබා ඇති බවට තොරතුරු වාර්තා වේ.

එම ගිවිසුමට ඊයේ (27) දින බත්තරමුල්ල නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අත්සන් තැබූ අතර, චීන රජය වෙනුවෙන් ඊට අත්සන් තැබුවේ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතායි.

වසර තුනක් තුළ ඉදි කිරීම් අවසන් කිරීමට නියමිත අතර නිවාස 1,888 ක් කොළඹ ජීවත්වන අඩු ආදායම්ලාභීන්ටත්, නිවාස 108ක් මෙරට කෘතහස්ත කලාකරුවන් හා මාධ්‍යවේදීන් සඳහාත් වෙන්කෙරෙන බවද සඳහන් වේ.

එහිදී,
# පෑලියගොඩ දුටුගැමුණු පාර නිවාස 615ක්,
# දෙමටගොඩ එළුමඩුව වත්ත නිවාස 586 ක්,
# මොරටුව බැටරි වත්ත නිවාස 575 ක්,
# මහරගම අඹවත්ත නිවාස 112 ක්
#කොට්ටාව පළතුරුවත්ත නිවාස 108ක්

වශයෙන් ඉදි කෙරෙන බව සඳහන් වේ.

කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සදහා වෙන් කරන්නේ කොට්ටාව පළතුරුවත්ත නිවාස 108 බවද සඳහන් වේ.

චීන රජය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා යුවාන් මිලියන 552ක මූල්‍යාධාරයක් ලබා දෙන අතර එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 24.48ක් ද වේ.

2024 වර්ෂයේ මාර්තු මාසයේදී මෙම නිවාස ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂිත බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුර හෑගොඩයන් විසින් රචිත “හිමකැටි ආදරය” සමඟ ගෙවූ රසවත්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...