සී.ඩී. සහ කමල් වෙනුවෙන් නීතිපති පෙනී නොසිටී. පෞද්ගලික වියදමින් නීතීඥයින් ඉදිරිපත් කරන්න වෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තමන්ගේ වැඩ තහනම් කිරීමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර ඇති හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න යන අය වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

අදාළ පෙත්සම එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ල හමුවේ ඊයේ (නොවැම්බර් 29) කැඳවූ අවස්ථාවේදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ සී. ඩී. වික්‍රමරත්න සහ කමල් ගුණරත්න යන වග උත්තරකරුවන් වෙනුවෙන් මින් ඉදිරියට නීතිපතිවරයා පෙනී නොසිටින බවයි.

ඒ අනුව ඔවුන් දෙදෙනාට පෞද්ගලික නීතීඥවරුන් ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව සඳහන් කළ විනිසුරු මඬුල්ල විසින් පෙත්සම සලකා බැලීම 2025 පෙබරවාරි 03 වනදා දක්වා කල්තබන ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ තමන්ව 2019 ජනාධිපතිවරණයෙන් පසු ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස මාරුකර ඉන් අනතුරුව වැඩ තහනමට ලක්කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ශානි අබේසේකර විසින් මෙම පෙත්සම ගොනුකර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...