ලොහාන් සහ බිරිඳ ඇප මත නිදහස්

0
878

සටහන – රුවන් නෙළුගොල්ල

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ ඇප මත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (දෙසැම්බර් 05) නියෝග කළේය.

ඒ අනුව එක් අයෙකුට රුපියල් 25,000ක මුදල් ඇපය බැගින් සහ එක් අයෙකුට රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප 2ක් බැගින් ඔවුන්ට නියම කර ඇත.

ඔවුන්ව අත් අඩංගුවට ගෙන තිබුණේ නීතිවිරෝධීව එකළස් කළ සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙනි.