නාය යෑමේ අවධානම නිසා වරකාපොළ පවුල් 11ක් ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW :

වරකාපොළ ප්‍රාදේශීය කොට්ඨාසයට අයත් අඟු‍රුවැල්ල වරකාපොළ මාර්ගයේ හපුගල් ගොඩවත්ත පාර නාය යෑමේ අවධානමක් හේතුවෙන් ඒ අවට ජීවත් වන ප්‍රදේශවාසීන් පිරිසකට ඉන් ඉවත් වන ලෙසට නිලධාරීන් දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව එහි ජීවත් වන පවුල් එකොළහකට අයත් පුද්ගලයන් හැත්තෑවකට එම දැනුම්දීම සිදුකර ඇති බවද සඳහන් වේ.

එම ප්‍රදේශයට යාබදව ඇති තල්ලියද්ද කන්ද පුපුරා යෑම සහ නාය යාමේ ලක්‍ෂණ හඳුනා ගැනීමෙන් පසුව අදාළ බලධාරීන් පැමිණ අදාළ ප්‍රදේශයේ පහළ කොටසේ නිවෙස්වල ජනතාව ඊයේ (10)රාත්‍රියේම කුකුල්පනය ශ්‍රී සුගතාරාම විහාරස්ථානය වෙත යොමුකර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැතිවරණ පරාජයත් සමඟ ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලා යයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : බ්‍රසීල...

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 30ජීවිතක්ෂයට; 80 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : ස්පාඤ්ඤයේ...

ඊශ්‍රායල් මැතිවරණයේ නෙතන්යාහු සහ අයිසන්කොට්ගේ කණ්ඩායම් දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවන ලකුණු

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : 2026...

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...