මහනුවර නගරය අනවසර වීදි වෙළඳාමෙන් තොර කලාපයක් බවට පත් කිරිමට සැලසුම්!

කොළඹ LNW:අනවසර වීදි වෙළඳාමෙන් තොරව මහජනයාට අවහිරතාවක් නොමැතිව ගමන් කළ හැකි නගරයක් බවට මහනුවර පත් කිරීමේ යෝජනාවක් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ඒකමතිකව තීරණය විය.

ඒ අනුව දැනට අනවසර වීදි වෙළඳාමේ නිරතවන පිරිස් ගණනය කිරීමක් සිදුකරන ලෙස එම සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා පළාත් පාලන කොමසාරිස්වරියට එහිදී උපදෙස් දුන්නේය.

දැනට වීදි වෙළඳාමේ නිරතවන පුද්ගලයන්ගේ රැකියා අහිමි නොවන ලෙසත් මහජනයාට ආරක්ෂාකාරීව බාධාවකින් තොරව ගමන් කිරීමට හැකි නගරයක් බවට මහනුවර පත් කළ යුතු බවට එහිදී සාකච්ඡා කෙරිණි.

ඒ අනුව මහනුවර නගරයේ දැනට වීදි වෙළදාමේ නිරතවන පිරිස් සම්බන්ධ ලේඛණයක් සකස් කිරිමටත් මහනුවර බහුවිධි මාදිලි ප්‍රවාහන පර්යන්තය ඉදිකිරීමෙන් පසු ඔවුන්ට ස්ථිර ව්‍යාපාරික ස්ථාන ලබාදිමටත් එහිදී සාකච්ඡා විය.

ඉන් පසු මහනුවර නගරයේ කිසිදු අනවසර වෙළදාමක් සිදු නොවිය යුතු බවත් ව්‍යාපාරික ස්ථාන හිමි පුද්ගලයන් සිය ව්‍යාපාරික ආයතන කුළියට ලබාදී යළී යළිත් වීදි වෙළදාමට නිරතවීම අධීක්ෂණය කරන ලෙස ද අමාත්‍යවරයා මහනුවර මහ නගර සභාව ඇතුලු මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට එහිදී උපදෙස් දුන්නේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...