මහ බැංකුවේ මානව සම්පත් දෙපාර්තමේන්තුව ඉන්නේ ඉහළ කළමනාකාරීත්වයට ඌයියා වුනාම ඔලුව අතගාන්න ද?

Date:

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා මහ බැංකුවේ සියලුම වෘත්තීය සමිති, මහ බැංකු අධිපතිවරයකු දැඩිව විවේචනය කරමින් නිකුත් කළ විවෘත ලිපියක් පිළිබඳව අපි මීට ඉහත තොරතුරු වාර්තා කළෙමු.

එමෙන්ම මෙම ලිපියට ප්‍රතිචාර වශයෙන්, එකී වෘත්තීය සමිති විසින් මහ බැංකු අධිපතිවරයාගේ ක්‍රියා කලාපය විවේචනය කරමින් නිකුත් කර ඇති ප්‍රකාශ අනුමත නොකරන්නේ ද යන වග 2022 දෙසැම්බර් 15 වන දින, නැතිනම් අද දින හෝ ඊට ප්‍රථම ලිඛිතව මානව හිමිකම් දෙපාර්තමේන්තුවට දැනුම් දිය යුතු බවත්, එසේ නොකරන්නේ නම් එම ප්‍රකාශවල වගකීම එලෙස දැනුම් නොදෙන සියලු දෙනා දැරිය යුතු බවත් පවසමින් මහ බැංකුවේ මානව සම්පත් දෙපාර්තමේන්තුව විසින් තර්ජනාත්මක ලිපියක් නිකුත් කළ අන්දම පිළිබඳව ද අපි කරුණු අනාවරණය කළෙමු.

මර්දනකාරී ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන්නාක් මෙන් සේවකයන් බිය වැද්දීමට මහ බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය විසින් දක්වන මෙම අස්වාභාවික හැසිරීම ට ප්‍රතිචාර වශයෙන් මහ බැංකුවේ ප්‍රධාන වෘත්තීය සමිති විසින් අත්සන් යොදන ලද ලිපියක් අද දින මහ බැංකුවේ මානව සම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ.

ඒ අනුව, මහ බැංකුවේ වෘත්තීය සංගම් ඒකාබද්ධව තම සාමාජික ගැටළු සම්බන්ධව ඉදිරිපත් කළ ලිපිවලට මහ බැංකු අධිපතිවරයා කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වීම මෙම තත්ත්වය නිර්මාණය කිරීමට මූලික හේතුව වූ බවත්, මෙය ආයතන පරිසරය තුළ කාර්මික සාමයට ද අහිතකර බලපෑම් එල්ල කළ බවත් එම වෘත්තීය සංගම් විසින් පෙන්වා දී තිබේ.

එමෙන්ම, වෘත්තීය සමිති කටයුතු කිරීමේදී විධායක කමිටුවේ ඒකමතික හෝ බහුතර එකඟතාවය මත සියලු තීරණ ගන්නා බවත්, ගනු ලබන තීරණ සම්බන්ධව වගකීම පවතින්නේ වෘත්තීය සමිතිය සතුව බැවින් එම තීරණ සම්බන්ධව පෞද්ගලික වශයෙන් සේවකයන් ඉලක්කකරමින් ලිපි එවීම තරයේ හෙලා දකින බව ද එම ලිපිය හරහා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

තව ද, මහ බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය විසින් මෙවන් ආකාරයේ ප්‍රතිචාර දැක්වීම හරහා වෘත්තීය සමිතියකට තම මතය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය උල්ලංඝනය කර ඇති බවට පෙන්වා දෙන එම ලිපිය, එසේ අනිසි බලපෑම් සිදු කිරීම, වෘත්තීය සමිතියක්, තම සාමාජිකත්වය වෙනුවෙන් ඉටු කළ යුතු කාර්යභාරයට බාධාවක් බව ද එම වෘත්තීය සමිති එකමුතුව විසින් නිගමනය කර තිබේ.

මීට අමතරව, මහ බැංකුවේ මානව සම්පත් දෙපාර්තමේන්තුව, ඉහළ කළමනාකාරීත්වය සැනසීමට කඩිනමින් කටයුතු කරන අයුරින් ම සාධාරණ සේවක ඉල්ලීම් සම්බන්ධයෙන් ද කටයුතු කරන්නේ නම් ඉතා යෝග්‍ය බව එම එකමුතුව වැඩිදුරටත් සිය ලිපිය හරහා පෙන්වා දී තිබේ.

සබැඳි පුවත්:

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...