වැලිගම සභාපතිට අදත් ඝන පූරණය නෑ!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ කටයුතු දෙවන වරටත් කල් දැමීමට සිදුව තිබේ.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයේ කටයුතු කළ සමගි ජන බලවේගයේ ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනය හේතුවෙන් එම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය පුරප්පාඩු වූ අතර නව සභාපතිවරයෙකු තෝරාපත් කරගැනීම පසුගිය නොවැම්බර් මස 28 වනදා දකුණු පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතව තිබුණ ද ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් එම කටයුතු අද (26) දිනය දක්වා කල් දැමීය.

ඒ අනුව සභිකයින් 45 දෙනෙකුගෙන් සමන්විත වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ කටයුතු අද (26) පෙරවරු 10:00ට ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

එහෙත් අද (26) දිනයේ සභිකයින් 22 දෙනෙකු පමණක් සභාවට පැමිණ තිබීම හේතුවෙන් ඝන පූර්ණය නොමැතිවීම නිසා සභාපතිවරයා තෝරාපත් කරගැනීමේ කටයුතු යළි කල් දැමීමට පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...