සෝදිසි මෙහෙයුමේදී මෙතෙක් කිසිදු පුපුරණ ද්‍රව්‍යක් හමුවී නෑ – මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ගැන පොලිසිය කියයි.

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW :

පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරක් මත සිදුකරන ලද සෝදිසි මෙහෙයුම සම්බන්ධවයි. එහි සඳහන්ව ඇත්තේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල විද්‍යුත් තැපැල් ලිපිනයට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාන 05ක බෝම්බ සඟවා ඇතැයි පණිවිඩයක් ලැබී ඇති බවයි.

මහනුවර පොලිස් කොට්ඨාස භාර ජ්‍යෙෂඨ පොලිස් අධිකාරීවරයාට කරන ලද දැනුම්දීමක් මත මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කරන ලද දැනුම්දීමක් මත, මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධව සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවත් ඒ සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය හා යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයද කැඳවා සෝදිසි මෙහෙයුමක් පොලීසිය විසින් සිදුකර ඇති අතර, අදාළ සෝදිසි මෙහෙයුමේදී මෙතෙක් කිසිදු පුපුරණ ද්‍රව්‍යක් හමුවී නොමැති බවත් , සිද්ධිය සම්බන්ධව සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව,  මෙම සඳහන් කළ පොලීසිය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...