සුඩානය නොසන්සුන්! විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරය වෙත!! විරෝධතා මර්දනයට කඳුලු ගෑස් ප්‍රහාර!!!

Date:

සුඩානයේ මිලිටරි පාලනයට විරෝධය පළකරමින් එරට වැසියන් දියත් කළ විරෝධතා උත්සන්න වී ඇති බවට වාර්තා වේ. 

ඉකුත් සෙනසුරාදා (25) දින මෙම විරෝධතාකරුවන් ලක්ෂ ගණනින් සුඩානයේ ජනාධිපති මන්දිරය වෙත පියමනින අයුරු දක්නට ලැබී තිබූ අතර, තත්ත්වය පාලනය කිරීමට හමුදාව විසින් කඳුළු ගෑස් ප්‍රහාර දියත් කර තිබේ.

මීට අමතරව සුඩානයේ අගනුවර වන කාර්ටූම් හි අන්තර්ජාල සබඳතා ඇතුළු සියළු සන්නිවේදන සබඳතා බිඳවැටෙමින් පවතින බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

සුඩානයේ මතුව ඇති තත්ත්වයට විරෝධය පළ කිරීම සඳහා තොරතුරු සන්නිවේදනය යොදා ගැනීම අවහිර කිරීමට මෙම පියවර ගෙන ඇති බවට සඳහන්.

ඉකුත් ඔක්තෝබර් 25 වන දින දියත්වූ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් හේතුවෙන් මිලිටරි පාලනයක් එරට ස්ථාපිත වූ අතර, මීට එරෙහිව දිගින් දිගටම විරෝධතා දියත් වෙමින් තිබිණ.

මෙම හමුදා කුමන්ත්‍රණය සමඟ එරට අග්‍රාමාත්‍ය අබ්ඩල්ලා හම්ඩොක් ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම අත්අඩංගුවට පත්වූ අතර, එරට හමුදා නායක ජෙනරාල් අබ්දෙල් ෆාටා අල්-බුර්හාන් ප්‍රමුඛ හමුදා පාලනයක් ස්ථාපිත විය.

කෙසේවෙතත්, ඉකුත් නොවැම්බරයේ අබ්ඩල්ලා හම්ඩොක් යළි අග්‍රාමාත්‍ය ධුරයේ පිහිටවූ අතර, පවතින හමුදා පාලනය නොවෙනස්ව පැවති බවට වාර්තා වේ.

සුඩාන වෛද්‍යවරුන්ගේ මධ්‍යම කමිටුව ප්‍රකාශ කරන අන්දමට ඊයේ දින හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මත පුද්ගලයන් 178 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් 08 දෙනෙකුට ම තුවාල සිදුව තිබෙන්නේ වෙඩි උණ්ඩ වලිනි.

සුඩානයේ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ප්‍රතිචාර දක්වා ඇති අතර, එම සංවිධානය සුඩාන බලධාරීන්ට බල කර සිටියේ පවතින තත්ත්වයට එරෙහිව දියත් කරන විරෝධතා මර්දනය කිරීමට කටයුතු නොකරන ලෙසයි.

එක්සත් ජාතීන්ගේ සුඩාන විශේෂ නියෝජිත වොල්කර් පර්තෙස් ප්‍රකාශ කර සිටියේ, ප්‍රකාශනයේ නිදහස මානව අයිතිවාසිකමක් බවත්, අන්තර්ජාලයට පූර්ණ වශයෙන් ප්‍රවේශ වීමට ඇති අයිතියද මින් එකක් බවත්, ජාත්‍යන්තර සම්මුතීන් වලට අනුව සාමකාමී විරෝධතා දැක්වීමේ චේතනාවෙන් යුතුව වීදිබසින කිසිවකු අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නොමැති බවත් ය.

මේ දක්වා වාර්තා වන පරිදි, සුඩානයේ මිලිටරි පාලනයට එරෙහිව දැක්වූ විරෝධතා වලදී ඝාතනයට ලක්වූ පුද්ගලයන් සංඛ්‍යාව 48 බව සඳහන්.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න – දෙමව්පියන් නිහඩ විරෝධයක් අරඹයි!

කොළඹ LNW:තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක...

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...