තවත් ගැසට්ටුවක් රිවස්

Date:

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පතට අදාලව නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කර තිබෙනවා. අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් අදාල ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස අමාත්‍යංශ ලේකම්වරයා උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 24 වැනිදා මෙම ගැසට් නිවේදනය නිකුත් කළ අතර ඉන්පසු පාර්ශ්ව රැසකින් ඊට විරෝධය එල්ල විය. අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමට අදාල නීති සකස් කිරීමේදී නිර්මාණකරුවන්ගේ ප්‍රකාශන අයිතිය පිළිබඳව සැළකිලිමත් වියයුතු බව ඇතැම් පාර්ශ්ව පෙන්වා දී තිබිණි.

එල්ල වූ විරෝධතා හා යෝජනා සැළකිල්ලට ගනිමින්, මේ වනවිට සකස් කර ඇති පනත් කෙටුම්පත සඳහා සංශෝධන සකස් කිරීමට නියමිත අතර ඉන්පසු සංශෝධිත කෙටුම්පත කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. එතෙක් දැනට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස අධිකරණ අමාත්‍යවරයා ලේකම්වරයා වෙත දැනුම් දී තිබෙන්නේ.

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීම සඳහා වන නීතියක් සම්පාදනය කිරීමට උනන්දු වූයේ බාලවයස්කාර දරුවන්ගේ සුභසිද්ධිය හා හිංසනයට ලක්වන කාන්තාවන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරමින් නීති සකස් කිරීම සඳහා මිස භාෂණයේ නිදහසට බාධා කිරීමට නොවන බව අමාත්‍යංශ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...