තවත් ගැසට්ටුවක් රිවස්

Date:

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමේ පනත් කෙටුම්පතට අදාලව නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කර තිබෙනවා. අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් අදාල ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස අමාත්‍යංශ ලේකම්වරයා උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 24 වැනිදා මෙම ගැසට් නිවේදනය නිකුත් කළ අතර ඉන්පසු පාර්ශ්ව රැසකින් ඊට විරෝධය එල්ල විය. අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමට අදාල නීති සකස් කිරීමේදී නිර්මාණකරුවන්ගේ ප්‍රකාශන අයිතිය පිළිබඳව සැළකිලිමත් වියයුතු බව ඇතැම් පාර්ශ්ව පෙන්වා දී තිබිණි.

එල්ල වූ විරෝධතා හා යෝජනා සැළකිල්ලට ගනිමින්, මේ වනවිට සකස් කර ඇති පනත් කෙටුම්පත සඳහා සංශෝධන සකස් කිරීමට නියමිත අතර ඉන්පසු සංශෝධිත කෙටුම්පත කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. එතෙක් දැනට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස අධිකරණ අමාත්‍යවරයා ලේකම්වරයා වෙත දැනුම් දී තිබෙන්නේ.

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීම සඳහා වන නීතියක් සම්පාදනය කිරීමට උනන්දු වූයේ බාලවයස්කාර දරුවන්ගේ සුභසිද්ධිය හා හිංසනයට ලක්වන කාන්තාවන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරමින් නීති සකස් කිරීම සඳහා මිස භාෂණයේ නිදහසට බාධා කිරීමට නොවන බව අමාත්‍යංශ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඩන අවපාතය ශ්‍රී ලංකා වෙරළ තීරයට. උතුරට තද වැසි – අද (10) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

ලයිටර්, ගිනිපෙට්ටි තියෙද්දී අලුතින් ගින්දර හොයාගැනීමට යාම හෙවත් ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

වත්මන් ආණ්ඩුව විසින් හඳුන්වාදීමට යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මතුවෙලා තියෙන...

ඉරාන විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළට; කමේනිගේ පාලන තන්ත්‍රය දැඩි මර්දනයක

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන මුදල් ඒකකය...

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...