තරුණ ලියෝ නායකයෝ සිවු දෙනෙක් අගමැති අතින් “ජාත්‍යන්තර සිංහ සභාපතිගේ විශිෂ්ට නායකත්ව සම්මාන” ලබති

Date:

ලොව විශිෂ්ට කුසලතා දක්වන තරුණ නායකයන් වෙනුවෙන් ජාත්‍යන්තර සිංහ සමාජ සභාපති විසින් පිරිනමන විශිෂ්ට නායකත්ව සම්මාන දිනාගත් තරුණ ලියෝ නායකයන් සිව් දෙනෙකුට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (30) දින අරලියගහ මන්දිරයේ දී එම සම්මාන පදක්කම් පැළැඳවිය.

කොළඹ රාජකීය විද්‍යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක සහ රාජකීය විද්‍යාලයීය ලියෝ සමාජයේ බිනුජ අමරනායක, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක සහ ලියෝ සමාජයේ හිටපු සභාපති තරිඳු රණවීර, කොළඹ ආනන්ද විද්‍යාලයේ ලියෝ සමාජයේ හිටපු සභාපති සුනෙර ලැනරෝල් සහ හොරයිසන් විශ්ව විද්‍යාලයේ හිටපු ශිෂ්‍ය කමිටු නායක සහ කොළඹ නයිට්ස් ලියෝ සමාජයේ හිටපු සභාපති ඉඳුනිල් උදාර පලිහවඩන මෙසේ සම්මාන පදක්කම් හිමිකර ගත්හ.

ලොව විශාලතම හා සක්‍රීයතම ස්වෙච්ඡා  සංවිධානයක් වන ජාත්‍යන්තර සිංහ සමාජ සංවිධානය විසින් ලොව විශිෂ්ට කුසලතා දක්වන තරුණ නායකයින් සඳහා මෙම සම්මාන පදක්කම පිරිනමයි.

ජීවිතයට එක් වරක් පමණක් පිරිනමන මෙම පදක්කම වසරක් වැනි කෙටි කාලයක් තුළ දී ශ්‍රී ලාංකිකයන් සිවු දෙනෙකුටම හිමිවීම විශේෂත්වයකි.

ජාත්‍යන්තර සිංහ සමාජ සංවිධානයේ පෙර සිංහාධිපති සහ ලියෝ සමාජ භාර උපදේශක ලසන්ත ගුණවර්ධන මහතා මෙහි දී ජාත්‍යන්තර සිංහ සභාපතිගේ පළඳනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පැළඳවිය.

කොළඹ රාජකීය විද්‍යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක සහ රාජකීය විද්‍යාලයීය ලියෝ සමාජයේ බිනුජ අමරනායක සිසුවා විසින් මෙහි දී රාජකීය විද්‍යාලයේ ලියෝ සමාජය පළ කරන ලියෝ සඟරාව අග්‍රාමාත්‍යතුමාට පිරිනැමුවේය.

ලොව ඉදිරියේ ශ්‍රී ලංකාවට අත්කර දුන් කීර්තිය අගය කළ අග්‍රාමාත්‍යතුමා සම්මාන පදක්කම් ලැබූ ලියෝ නායකයන් සමඟ සුහඳ කතාබහක නිරත විය.

මෙම අවස්ථාවට ජාත්‍යන්තර සිංහ සංවිධානයේ පෙර සිංහාධිපති සහ ලියෝ සමාජ භාර උපදේශක ලසන්ත ගුණවර්ධන, පෙර සිංහාධිපති රසික ප්‍රියන්ත මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : සංස්කෘතික සබඳතා පිළිබඳ...

සුබ උපන් දිනක් සිහින කුමරුනි….

හද මත ගීත ටජ්මහලක් තැනූවයිඑහි සිට මධුර ස්වරයෙන් පෙම...

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

අදත් යක්ෂයා අවදියෙන් සිටිය යුතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි...