*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

සරුවත් මූදේ මස්කට් නැව් නැව් – 1

කෙල්ලන්ගෙ ක්‍රෂ් එක හෙක්ටර්ගෙ කිස් එක.

ඒත්… කියන්න වෙනව මේ ටික.

හෙක්ටර් ඩයස් ලොක්කා හැන්ඩියා. ඒක ඇත්ත.  මේරියන්ස් බෑන්ඩ් එකේ සැක්ස් ගහන කාලේ ඉඳලා එයා සෙක්ස් සිම්බල් එකක්.  එදා මෙදා තුර හෙක්ටර් ලොක්කට ක්‍රෂ් වෙච්ච ගර්ල්ස්ලා ලේඩීස්ලා ගොඩක් හිටියා.  

මෑන්ස්ගෙ දෙවෙනි පරිච්ඡේදෙ හරියටම පටන් ගන්නෙ නිල්වන් මුහුදු තීරෙ කවර් එකෙන් කියල තමයි අපට හිතෙන්නේ.  රැවුල වවාගෙන.. ඒකත් තැන් තැන්වලින් සුදු වෙලා.. ෂේඩ්ස් දාල ලිනන් ෂර්ට් එකේ බට්න්ස් පන්නලා එනකොට එනකොට ලංකාවේ ස්ත්‍රී ෆැන්ටසිය වෙවුලලා ගියානෙ ඉතින්.. 

ඒ නිව් ලුක් එක කොච්චර පත්තු වුණාද කිව්වොත් හෙක්ටර්ව කොපි කරන්න ගිහින්;  වයසට නොගිය උනුත් බලෙන් වයසක ලුක් එක අරගෙන මොන්ටිසෝරි බබාලට සැන්ටා මාස්ක් දැම්මා වගේ චොර සීනුත් සෝෂල් මීඩියාවල තිබ්බා. 

ඒ පන්ච් එකේම හෙක්ටර් ලොක්කා දිවිතුරාද මොකක්ද ටෙලි අංශයක ඇක්ට් කරන සීන් එකකටත් එන්ටර් වෙලා ඉන්නව අපි දැක්කා.. හැබැයි ඒක නං එච්චරම සක්සස් නෑ, බොරු බයිල කියන්න බෑනෙ.
මේ ඊයෙ පෙරේදා හෙක්ටර් ලොක්කා අලුත් කවර් එකක් කරලා තිබ්බා. අව ලේට් ලෙජන්ඩ් සුනිල් පෙරේරා ලොක්කා අවුරුදු තිහ හතලිහකට කලින් කිව්ව ‘මං දුන්නෙ කිස් එකයි’ සෝන්ග් එකේ.

හෙක්ටර් ඩයස් ලොක්කගෙ සිඟින් එක්ක අපට අවුලක් නෑ.. ඒත් මේ පර්ෆෝමන්ස් එක ගැන නං වචනයක් කියන්න වෙනව. 

නිල්වන් මුහුදු තීරෙන් අර්න් කරපු සෙක්ස් සිම්බොලිකල් කැපිටල් එක කලබලේට ඉන්වෙස්ට් කරන්න ගිහින් හෙක්ටර් ලොක්කා චුට්ටක් නාලද කියල අහන්න වෙනව.

ලේඩීස්ලා ටිකක් පස්ස වනලා විෂුවලි සැපක් දෙන්න හැදුවට ඒක ස්මාට් විදිහට කැප්ච වෙලා නෑ වගේ. 
ඒ යූ ටියුබ් වීඩියෝ එක යට තියෙන කොමෙන්ට්ස් නං ගොඩක් තියෙන්නෙ ඉතින්..

“අයියෝ හෙක්ටර් අයියා මොනාද මේ කරේ..?””ඇයි දෙයියො මේ වගේ අසභ්‍ය දේවල් විෂුවල් එකට දැම්මේ..?””අපි ඔයාගෙන් බලාපොරොත්තු වුනේ මීට වඩා විනය ගරුක දෙයක් රත්තරනෙ..” වගේ ඒවා. 

අපි මේ කියන්නේ එහෙම සීන් එකක් නෙමෙයි.  ඔයා දෙන්න හදපු ආතල් එක එක්ක අපට කිසි අවුලක් නෑ. මේ ගොබ්බ දුපතේ මොට්ට ඔලු කැරකිලා යන්න පස්සවල් වැඩි වැඩියෙන් හොලෝලා ගන්න ඕන. ඒත් ලොක්කා ඔයාගෙ වීඩියෝ එකේ පස්සවල් ස්මාට් විදිහට හෙල්ලිලා නෑ. වස්තිලගෙ වීඩියෝවල ඔය වගේ සෝන්ග් සීන් තිබ්බා ඔයිට වැඩිය පට්ට ස්මාට් විදිහට.  කැල්වින් ක්ලේන් ලෙවල් එකට ටීසර් කරලා පමුණුවෙන් අත අරිනකොට දරන්න බෑ ලොක්කා. 

අපි කියන්නේ අනුරාගය ගේනවනං එලටම ගේන්න ඕන. බාගෙට බාල විදිහට ගේන්නැතුව විෂුවල් ආට් එකත් එක්ක සීරුවට මර්ජ් කරලා ලෙසටම ගේන්න කියලයි අපි කියන්නේ.  

දැන් අපි එමු මේකෙ තියෙන අයිඩියොලොජිකල් පැත්තට. දැන් ඔය කොමෙන්ට්ස්වල අම්බානට බැනල තියෙනව නෙ අපේ කල්චර් එක කනව අරව මේව කියල.  

ඒව නං සත පහකට.. ඔහ්.. උද්ධමනය වැඩි හින්දා මෙටෆර්ස් වෙනස් කරන්න වෙනව. ඒව නං රුපියල් දාහකට ගණන් ගන්න එපා.  

ඔන්න ඔය වෙලාවට තමයි සුනිල් පෙරේරා ලොක්කව ආපහු රීඩ් කරන්න ඕන.  එයා සෙවන්ටීස්වල ‘කිස් එක’ කියනකොට ලංකාවේ ආට් ෆීල්ඩ් එකේ පකීර්ලා එල්ලගෙන ගැහුවේ. හැබැයි එයා ඒවට පර්ෆක්ට්ලි ෆේස් කෙරුවා. මොකද එයාට එයාගෙම වෙච්ච විෂන් එකක් තිබ්බා. ඒ විතරක් නෙමෙයි, එයා ඒ විෂන් එකේ මැරෙනකං හිටියා. එයා ලෙජන්ඩ් වෙන්නෙ විෂන් එකක් සහිතව මිෂන් එකේ හිටපු නිසා.  තමන් කරන්නේ මොකක්ද කියල දැනගෙන දේවල් කරපු නිසා. 

මේ කාලේ කැමරා ටෙක්නික්ස්ද, විෂුවල් ඉෆෙක්ට්ස්ද, ටොප් ලෙවල් මේකප්ස්ද, ඔටෝ ටියුන් ඕඩියෝ මැජික්ස්ද, ඕනම කෙනෙකුට ඉන්ටනැෂනලි ඇප්රෝච් කරන්න පුළුවන් ග්ලෝබල් ෆ්ලැට්ෆෝම්ස්ද අරවද මේවද ඔක්කොම තියෙනව. ඒත් විෂන් එක තමයි ගොඩක් අයට නැත්තෙ. 

ඕකේ දෙන්. මේ ඔක්කොම කියන්නේ බොක්කෙ තියෙන ලව් එකට. කිව්ව දේවල්වල ගන්න යමක් තියෙනව නං ගන්න.  නැත්නම් අවොයිඩ් කරල දාන්න.  ඊළඟ වැඩේ තව ස්මාට් කරමු. එච්චරයි අපි ඉල්ලන්නේ.

 ටෙක්ස්ට් එක ඉවර කරන්න කලින් මේ අලුත් කොලම් එක  ගැනත් වර්ඩ් එකක් දාන්න ඕන. අපට අනුව ආට් කියන්නේ සරුවත් මූදක්. ඒක ඉරි ගහල කොටු ගහල තටු කඩලා පිටු නමලා ලිමිට් කරන්න බෑ.

මේ සරුවත් මූදේ එක එක පාට නැව් යන්න ඕන. හැබැයි ඒවා ෆේක් නොවී මූදට අවංක නැව් වෙනවනං අපි පට්ට  ආසයි.  අන්න ඒ ආසාවම භාෂාව කරගෙන සහ බේස් එක හැටියට තියාගෙන තමයි අපි පටන් ගන්න හිතුවේ.. ‘සරුවත් මූදේ මස්කට් නැව් නැව්  !’


– BALTIMORA 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan