පැජට් පාරේ ගෙදර : ඔන්ලයින් පතනෙත් වැඩගන්න හිටපු ජනපති මෛත්‍රීත් සූදානමින්

තමන් ජනාධිපති ධුරයේ සිටියදීත් ඉන් පසුව යම් කාලයකුත් භාවිතා කළ නිල නිවස සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය ගෙනගිය වැරදි ප්‍රචාරණ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

“මේ පසුගිය සතියේ ජනාධිපති කාලෙත් ඉන් පසුවත් මම හිටපු ගෙදර ගැන නඩු තීන්දුවක් දුන්නා. මේ නඩු තීන්දුව දෙන්න කලින්, මීට අවුරුදු දෙකහමාරකට කලින් මම මේ ගෙයින් ඇවිල්ලා තියෙන්නෙ. ඒ ගෙදර මම ගත්තේ ඇමතිවරයෙකුගෙන්. ඒක ඇමතිවරයෙකුගෙ ගෙයක්, එහෙම නැතුව මාලිගාවක් නෙවෙයි. අනිත් අතට ගත්තාම විශාල ප්‍රචාරණයන් මාධ්‍යවල ඇරියා මම මේක සින්නක්කර ලියාගෙන, ඔප්පු ලියාගෙන කියලා. ඒ වගේ ඉතාම අසත්‍ය ප්‍රචාර මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒ ගේ ඇමතිවරයෙක්ගෙන් තමයි මම අරගෙන රෙපෙයාර් කරලා ජනාධිපතිවරයා විදියට ගියේ. ඒ නිසා මේ වැරදි කරුණු ජනතාව අතරට මාධ්‍ය ඔස්සේ යෑම ගැන වැරදි විදියට අනවශ්‍ය විවේචන පිළිබඳව ප්‍රධාන වශයෙන්ම චරිත ඝාතන, නින්දා අපහාස කිරීම පිළිබඳව දැන් ඔන්ලයින් පනත යටතේ විශේෂයෙන්ම අපට මේවාට ශක්තියක් වෙලා තියෙනවා. ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා ඒ පිළිබඳව ඉතාමත් වැරදි කරුණු කාරණා ඉදිරිපත් කරපු මාධ්‍ය ආයතනය කිහිපයක් සම්බන්ධයෙන් ඒ පනත යටතේත් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේත් ඉදිරි ක්‍රියාමාර්ග ගන්න”

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...