ලිට්‍රෝ ගෑස් ලංකා සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගම් පෞද්ගලීකරණයට!

Date:

මාර්තු 18, කොළඹ (LNW): ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව 2024 පෙබරවාරි මස 6 වන දින මුදල් අමාත්‍යංශයේ දී කරන ලද සාකච්ඡාවේදී මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය 2025 ජනවාරි මාසය තෙක් කල් තැබිය යුතු බව ඒකමතිකව තීරණය විය. මුදල් අමාත්යාංශයේ දී ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් අතර පැවැත්වූ සාකච්ඡාවේදී, එම ප්‍රතිව්‍යුහගත කිරීම කල් තබන ලෙස දන්වමින් රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ.එස්. අතුල කුමාර මහතා විසින් 2024 මාර්තු එකොළොස් වන දින රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව වෙත යොමු අංක PED/S/SOEs RU/5/16 යටතේ ලිපියක් යොමු කොට ඇත.

අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මෙම ලිපිය මේ වනවිට රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව මගින් ක්‍රියාත්මක කිරීම පැහැර හැර ඇත. මෙම කමිටුව එම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නොකඩවා ඉදිරියට ගෙන යාම සිදුකරනු ලබන අතර 2024 මාර්තු පහළොස් වන දින ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ආයෝජකයන් කැඳවීම නොකඩවා ක්‍රියාත්මක කොට ඇත. මෙම කමිටුවේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ දෙබිඩි පිළිවෙතට ලිට්‍රෝ සුරැකීමේ සංවිධානය දැඩි සේ අප්‍රසාදය පළ කරයි.

රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවේ අන්තනෝමතික ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ කුමණ කණ්ඩායමකගේ අවශ්‍යතාවයකටද යන්න ලිට්‍රෝ සුරැකීමේ සංවිධානය විමසනු ලබයි. මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ දී ගන්නා ලද එකඟතා තීරණයන් බලරහිත කිරීමට රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවට ඇති නෛතික අයිතිය පිලිගත නොහැකි බවට ලිට්‍රෝ සුරැකීමේ සංවිධානය තවදුරටත් අවධාරණය කරනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...