සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 30, කොළඹ (LNW): SCOT CAMPUS කියන ආයතනය නිර්මාණය වන්නේම Skills College of Technology යන්න පදනමෙහි තියාගෙනයි. SCOT යන්නෙහි අරුත එයයි.ලංකාවේ අධ්‍යාපන කේෂ්ත්‍රයේ වසර 20කට අධික කාලයක් තුළ මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට සහ ප්‍රමාණ සමීක්ෂණ ක්ෂේත්රයටත්,මානව සම්පත් සංවර්ධනයටත් අධ්‍යාපනිකව මැදිහත් වී සිටින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ අනුමැතිය ලත් උපාධි ලබාදෙන ආයතනයක් නක ඔවුන් අනාගත මලල ක්‍රීඩාව පැහැබර කරන තරුණ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් කෙරෙහි සිය අවධානය යොමු කරන්නට කටයුතු කර තිබෙනවා.
ඒ මේ වන විට අවුරුදු 16 න් පහළ මීටර් 800 ඉසව්වේ වාර්තාලාභිණිය වන තරුෂි අභිෂේකාට සහ මීටර් 1500 ඉසව්වේ වාර්තාලාභිණිය වන හිමන්සි දුලංජනා ට අනුග්‍රහය දැක්විමට කටයුතු කිරීමට ඉදිරිපත් වීමෙන්.වසරකට ලක්ෂ 35 ක මුදලක් මේ අනුග්‍රහය වෙනුවෙන් දරන්නට ඔවුන් සූදානම්ව සිටිනවා.ගම්පොළ වික්‍රමබාහු විද්‍යාලය මේ රටේ ජූඩෝ ක්‍රීඩාවේ දක්ෂයන් රැසක් තැනූ පාසලක් වන අතර මෑතක සිට එහි මලල ක්‍රීඩා පුහුණුකරු බුද්ධික නුවන්ගේ මඟ පෙන්වීම ද එකතු වූ පසු දැන් ජූඩෝ මෙන්ම මලල ක්‍රිඩාව සම්බන්ධයෙන් ද රටේම අවධානයට පාත්‍ර වූ පාසලක් බවට පත්ව තිබෙනවා.
මේ දක්ෂතා පෙළ ගැස්මේ එක් තීව්ර මොහොතක තරුෂි සහ හිමන්සි වෙනුවෙන් SCOT CAMPUS කරන මැදිහත්වීම ඔවුන් විසින් අනුග්රාහකයන් ලෙස මැදිහත්වීම ඉක්මවා ගිය මේ රටේ මලල ක්‍රීඩාවේ දක්ෂයන් ලෙස තවත් ආයතනවලට අනුග්රාහාත්මක මනසකින් බලන්නට කරන පෙළඹවීමක් ද වෙනවා.මේ අනුග්‍රහය යටතේ තිබෙන මූල්‍යමය දායකත්වය ඉක්මවා ඔවුන්ට මේ ක්රීඩික්වාන්ගේ දක්ෂතා කළමනාකරණය වැනි කාරණයකිදි තාක්ෂණික උපකරණ සහයත් ලබා දෙමින් සිය විද්‍යාර්ථීන් හරහා ම එවැනි මෘදුකාංගයක් තැනීම වැනි කාරණයකට පෙළමිය හැකිනම් එය තවත් ආකාරයකින් ව්‍යාපාරිකව ද ක්‍රීඩාව කෙරෙහි නව දැණුම එකතු කිරීමට මැදිහත්වීමක් කිරීමට ද දායකවීමේ ඉඩකඩක් පවතිනවා.
කෙසේ වුවත් SCOT CAMPUS මේ රටේ මලල ක්‍රීඩාවේ අනාගතයට වටිනාකම් සහිත ක්‍රීඩිකාවන් දෙදෙනෙක් පෙරමඟට ආශිර්වාද කිරීමට දායකවීම වැදගත් කොට සැළකිය හැකියි.මේ සඳහා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ මැදිහත්වීමේන් අනුග්‍රාහකත්වය පිරිනැමීම සිදු වූ අතර එම අවස්ථාවට අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් හේමන්ත ප්‍රේමතිලක මෙන්ම SCOT CAMPUS වෙනුවෙන් එහි ප්‍රධාන මෙහෙයුම් කළමණාකරු යොහාන් දේශප්‍රිය ද මේ අවස්ථාවට සම්බන්ධ වුණා.
තරුෂි අප්‍රේල් මස ඩුබායි හී පැවත්වෙන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය මීටර් 800 ඉසව්වෙන් නියෝජනය කිරීමට නියමිතව සිටිනවා.