(VIDEO):සිරිපාලට හිසරදයක් වූ ශ්‍රීලංකන් රජයේ තියා ගන්නවද නැද්ද? මෙන්න NPP තීන්දුව!

Date:

කොළඹ LNW:2018 වන විටත් ලාභ ඉපයූ ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වන විට බිලියන ගණනින් පාඩු ලබන්නේ පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මෙන්ම රාජපක්ෂ ආණ්ඩුවේ ආකාර්යක්ෂම වැරදි තීන්දු නිසාවෙන් අතර ජාතික ජන බලවේගය විශ්වාස කරන්නේ රජයේ ගුවන් සේවයක් පවත්වාගෙන යා යුතු වන හෙයින් අවසාන පැය දක්වාම එය රජයේ ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට උත්සහ දරන බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේය.

ඒ,අද (02) ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

ශ්‍රී ලංකා රජය යටතේ ගුවන් සේවයක් පැවතිය යුතුය යන විශ්වාසය ජාතික ජන බලවේගය සතු බවයි ඔහු කියාසිටියේ.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති අනුව ශ්‍රී ලංකාව ලෝකයේ දිදුලන රාජ්‍යයක් බවට පත්කිරීමේ විශාල වුවමනාවක් පවතින බවයි හදුන්නෙත්ති මහතා සඳහන් කළේ.

එමෙන්ම ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය ලොව හොඳම ගුවන් ගමනාන්තයක් බවට පත්කිරීමේ අවශ්‍යතාවද පවතින බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ඖෂධ : ඉන්දියානු හොර ගිවිසුම් ගැන අපි කළ අනතුරු හැඟවීම් අද යතාර්ථයක් වෙලා – පුබුදු ජයගොඩ

සටහන - රුවන් නෙළුගොල්ල Maan Pharmaceuticals Ltd නම් ඉන්දියානු සමාගම...

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවට ඇතුළුවන හා ඉන් පිටවන සියලුම තෙල් නවුකා අවහිර කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු...

පවතින අසාර්ථක හා විකෘති ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ ගැන ජනතාවගේ විශ්වාසය භංගවෙලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අප රටේ පවතින ආපදා කළමනාකරණ වැඩපිළිවෙළ...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...