1996 ක්‍රිකට් විජයග්‍රහණයට වසර 26 යි

Date:

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකා නාමය ලෝකයේ ඉහළටම ඔසවා තැබූ ඓතිහාසික දිනයේ 26 වැනි සංවත්සරය අදට යෙදී තිබෙනවා.

ටෙස්ට් ක්‍රිකට් වර්ණ දිනා ගැනීමට පමණක් දෙවැනි වන මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය ජයග්‍රහණය වන්නේ 1996 එක්දින ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමයි.

96 වසරේ මාර්තු 17 වැනිදා පකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේදී මාක් ටේලර් ප්‍රමුඛ ප්‍රබල ඔස්ට්‍රේලියානුවන් පරාජයට පත් කරමින් අර්ජුණ රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම එම ඓතිහාසික ජයග්‍රහණය අත්පත් කර ගත්තේය.

1992 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට විසි වූ ශ්‍රී ලංකාව තවත් වසර 04 ක් ඉක්ම යද්දී එක්දින පිටියේ කිරුළු පැළඳීමට සමත් විය. විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයෙන් ඉදිරියට ගිය පළමු ලෝක කුසලාන තරගාවලියද එය වීමයි.

96 තරගාවලියෙන් පසු අවස්ථා දෙකකදී එක්දින ලෝක කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලබාගත් අතර අවස්ථා දෙකේදීම අනුශූරතාවයෙන් සෑහීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

එදා ලබාගත් ජයග්‍රහණය අද වඩාත් වැදගත් වන්නේ, මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට තබා ලෝක කුසලාන තරගාවලි සඳහා සුදුසකම් ලබා ගැනීමටද දැඩි සටනක් ලබාදීමට සිදුව ඇති නිසාය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික නිදහස් පෙරමුණෙන් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ලිපියක්!

රෂිකා හෙන්නායක ජූනි 25, කොළඹ LNW : හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

ස්වාධීන කණ්ඩායම් අංක 02න් නාවලපිටිය නගර සභාවට නව සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 25, කොළඹ LNW : නාවලපිටිය නගර සභාවේ...

උපුල්දෙණිය යළි රිමාන්ඩ්!

කොළඹ LNW:වැඩතහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස්...