ආර්ථික ස්ථායීකරණ කාරක සභාවේ මුල් පුටුව තාරකට

Date:

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහා ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඒකමතිකව පත්කරගෙන තිබේ.

ඒ එම කාරක සභාව පසුගියදා මුල්වරට රැස්වූ අවස්ථාවේදී ය.

එහිදී රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා විසින් සභාපති ධුරය සඳහා තාරක බාලසූරිය මහතාගේ නම යෝජනා කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා විසින් එය ස්ථිර කර ඇත.

ආර්ථීක ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ විෂය පථය, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ විෂය පථය හා සමාන වන බව පෙන්වා දී ඇති සභාපතිවරයා එම විෂය පථයන් වෙනස් කිරීමේ අවශ්‍යතාව එදින අවධාරණය කර ඇති අතර ආර්ථිකය පිළිබඳ සියලු අංශ ආවරණය වන පරිදි කාරක සභාවේ විෂය පථය පුළුල් කළ යුතු බවද යෝජනා කර තිබේ.

කෙසේ වෙතත් එම විෂයපථයන් වෙනස් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බැවින් කාරක සභා සාමාජිකයින්ට සහ අදාළ පාර්ශ්ව වලට එහි සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කළ හැකි බවත් කාරක සභා සභාපතිවරයා පෙන්වා දී ඇත.

ඒ අනුව ඉදිරි දිනක මේ සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වීමට කාරක සභාව තීරණය කරන ලදී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...