ජපානයෙන් ලැබුණු අපූරු තෑගි!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 10, කොළඹ (LNW): අද (10) දිනදී කටුනායක ගුවන් තොටුපොළ සහ කොළඹ වරාය තුළ ඉදිරියේ දී ඇති විය හැකි වසංගත සහ බෝවන රෝග වැනි හදිසි තත්වයන් සදහා මුහුණ දීමට හැකි වන පරිදි ඒවායේ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සදහා ජපානය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා උපකරණ ප්‍රදානය කිරීමේ උත්සවයක් කටුනායක ගුවන් තොටුපොළ සිල්ක් රූට් මගී පර්යන්තයේ දී පැවැත්වුනි .

මෙම උපකරණ පරිත්‍යාග කිරීම සදහා ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සදහා වූ සංවිධානය ජපාන රජය වෙත යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කර තිබුණි .

කටුනායක ගුවන් තොටුපොළ සහ කොළඹ වරාය වෙත ගමන් මලු සහ සම්පූර්ණ සිරුරු පරීක්ෂා කළ හැකි අධි තාක්ෂණික පරිලෝකන යන්ත්‍ර , මුහුණු හදුනා ගැනීමේ පද්ධති වලින් සමන්විත ස්වයංක්‍රීය ප්‍රත්‍යන්ත පාලන ගේට්ටු , ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමේ යන්ත්‍ර , ගුවන් මගීන් සහ කාර්යය මණ්ඩලයන්හි පහසුව සදහා ස්පර්ශයෙන් තොර සන්වේදක මත ක්‍රියාත්මක සනීපාරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත සුහුරු වැසිකිළි 150 ක් , අපද්‍රව්‍ය බැහැර කිරීමට සහ සෞඛ්‍ය වෛද්‍ය සේවාවන් සදහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මෙම පරිත්‍යාගයන් අතර විය .

මෙම අවස්ථාවට වරාය , සිවිල් ගුවන් සේවා සහ නාවුක කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , එම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩි.එස්.රුවන්චචන්ද්‍ර , ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොශි හිඩෙයාකි , විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය , සංක්‍රමණිකයන් සදහා වූ ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකාව සහ මාළදිවයින සදහා වන ප්‍රධානී සරත් දාස් මහතා ඇතුළු තවත් විශාල පිරිසක් ද සහභාගී වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ආණ්ඩුව තාම ළපටියි. මේ අවුරුදු පහ යනකොට මීට වඩා විශාල වැඩකොටසක් කරනවා – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු...

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මියයාම : සැරයන්වරයෙක් රිමාන්ඩ්

කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත් අඩංගුවේ සිටි සැකකරුවකු මියයාමේ සිද්ධියට...

ධර්මයෙන් හදන්න බැරි අය ඉන්නවා, ඒ අය හදන්න කෙවිට අතට ගන්න වෙනවා – මන්ත්‍රී රත්නසිරි

වත්මන් ආණ්ඩුවට සිදුව ඇත්තේ කඩවැටුණු සමාජයක් සුවපත් කිරීමට බවත්...

දුම්බර බන්ධනාගාරයේ වෙඩිතැබීමක්. පළායාමට තැත් කළ රැඳවියෙක් මරුට !

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පළායාමට තැත් කළ රැඳවියෙකු බන්ධනාගාර නිලධාරියකු...