(VIDEO):අවුරුදු පහක් ඉටු නොවුණු යුක්තිය දැන් ඉටුවෙයි කියලත් විශ්වාසයක් නැහැ!

Date:

කොළඹ LNW:වසර පහක් ඉටු නොවුණු යුක්තිය තමන්ගේ ප්‍රකාශයක් ගැනීමට කැඳවීම හරහා ඉටුවෙනු ඇතැයි විශ්වාසයක් නොමැති බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන ප්‍රධානී “ඥානාර්ථ ප්‍රදීපය“ කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා පැවසූහ.

පියතුමන් මේ බව පැවසුවේ අද (19) ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපර්තමනේතුවට යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පාස්කු ප්‍රහාරය පමණක් නොව යුක්තිය තවත් ඝාතන,පැහැර ගැනීම්, අතුරුදහන් වීමේ සිදුවීම් රැසක් පවතින අතර මේවාට යුක්තිය ඉටුවීමට නම් පවතින ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු වන බවද උන්වහන්සේ සඳහන් කළහ.

පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කරගැනීමට ඇත්ත වුවමනාවක් ඇත්නම් දැනටමත් ඒ සම්බන්ධයෙන් තොරතුරු රැසක් තිබෙන හෙයින් එම ප්‍රහාර මාලාව පිටුපස සිටි අය සොයා ගත හැකි බවයි පියතුමන් කියාසිටියේ.

මෙය නීතියේ ප්‍රශ්නයක් නොව නීතිය ක්‍රියාත්මක කරන අයගේ ප්‍රශ්නයක් බවද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැබිනට් මණ්ඩලය ගැන නීතිය කියාදී රනිල් රුසියාවට යයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඊයේ (11) දිනයේදී අපරාධ...

රිලා සංගණනයේ ප්‍රතිඵල නිකුත් වෙයි!

කොළඹ LNW:පසුගිය මාර්තු 15 වන දින දිවයින පුරා සිදු...

මහනුවර අකුරණ ප්‍රාදේශීය සභාව හා කඩුගන්නාව නගර සභාව සමඟියට!

කොළඹ LNW:මහනුවර අකුරණ ප්‍රාදේශීය සභාවේ සහ කඩුගන්නාව නගර සභාවේ...

අප්‍රිකානු රටවල් 53 කට චීනයෙන් ශුන්‍ය තීරුබදු!

කොළඹ LNW:චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලින් ජියෑන් මහතාගේ ප්‍රධානත්වයෙන්...