ජල කප්පාදුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 19, කොළඹ (LNW): අප්‍රේල් 24 වන බදාදා පෙ.ව 8.30 සිට ප.ව 8.30 දක්වා පැය 12ක් පුරා සපුගස්කන්ද විදුලි උප පොළෙහි හදිසි අළුත්වැඩියාවක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට ජල පැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා- ඇල, කටුනායක/ සීදූව නගර සභා බල ප්‍රදේශයටත්, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා – ඇල, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකටත් ජල සැපයුම අත්හිටුවනු ඇත.

ඒ හේතුවෙන් ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය ජනතාවට දන්වා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන ක්‍රියාවලියට ආණ්ඩුවේ දේශපාලනඥයින්ගෙන් බලපෑම් – ග්‍රාම නිලධාරීන්ගෙන් චෝදනා !

ආපදා සහන කටයුතු පවත්වාගෙන යාමේදී වත්මන් රජයේ ඇතැම් දේශපාලනඥයින්ගෙන්...

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...