ප්‍රසන්න විතානගේගේ “පැරඩයිස්” චිත්‍රපටය තෙවන වරටත් අන්තර්ජාතික සම්මානයට!

අප්‍රේල් 27, කොළඹ (LNW): අද අප්‍රේල් 27 දා පැවති ස්පාඤ්ඤයේ ලස් පල්මාස් ග්‍රදන් කැනරියා අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ සම්මාන ප්‍රදානයේ දී ප්‍රසන්න විතානගේ අධ්‍යකෂනය කළ ‘පැරඩයිස්’ ඉන්දු ලංකා නිෂ්පාදනය ප්‍රේක්ෂක ජූරි සම්මානය (Audience Jury Award) දිනාගැනීමට සමත්විය.

23 වැනි වරට පැවති ලස් පල්මාස් චිත්‍රපට උළෙලේදී මහාද්වීප පහම නියෝජනය කරන චිත්‍රපට ඇතුළත් විය. මීට පෙර ‘පැරඩයිස්’ චිත්‍රපටය කොරියාවේ පැවති බූසාන් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි කිම් ජෝසීක් සම්මානය දිනාගත් අතර ප්‍රංශයේ වේසුල් අන්තර්ජාතික ආසියානු චිත්‍රපට උළෙලේ දී යොවුන් ජූරියෙන් පිරිනැමෙන සම්මානය දිනා ගන්නා ලදී.

එයට අමතරව ආසියානු සිනමා ඇකඩමියේ ආසියානු සම්මාන උළෙලේදී පැරඩයිස් හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන හතරකට නිර්දේශ විය.

තවත් විස්තර සඳහා; www.ipafilmfestival.com

ප්‍රසන්න විතානගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...