MCC ආවෙ නැතත් MCC එකට අවශ්‍ය දේ ආණ්ඩුව කරමින් ඉන්නවා – හරිනිගෙන් චෝදනා

Date:

ඇමරිකානු එම්.සී.සී. ගිවිසුමට ආණ්ඩුව අත්සන් නොතැබුවත් එම එම්.සී.සී. ගිවිසුම ඔස්සේ ක්‍රියාත්මක කිරීමට ගිය ඉඩම් මූල්‍යකරණ වැඩසටහනට අවශ්‍ය නීති සංශෝධන ආණ්ඩුව විසින් සිදුකරමින් පවතින බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය චෝදනා කරයි.

“ගොවීන්ට පුළුවන් මේ ඉඩම් උකස් කරන්න, ඒ අයිතිය දැනටමත් මේ පනතේ තියෙනවා. හැබැයි උකස් කරන්න පුළුවන් වෙන්නෙ රාජ්‍ය බැංකු ආයතනයක විතරයි, ඒකත් ප්‍රාදේශීය ලේකම්ගේ අවසරය සහ අධීක්ෂණය යටතේ. දැන් සිද්ධ වෙන්නෙ ඕනෑම බැංකුවක් යටතේ මේක උකස් කරන්න පුළුවන්. දැන් මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ආයතනවලටමත් එනවා නම් ඔවුන්ට ඉඩම් උකස් කිරීමේ බලය මේක අතිශයින්ම භයානකයි. ඉඩම් මූල්‍යකරණයට යන මාවත තමා මේ සංශෝධන තුළින් සකස් කරන්නෙ. මේක ඉඩම ප්‍රාග්ධනයක් බවට පත්වෙන්නෙ මහා පරිමාණයේ ව්‍යාපාරිකයින්ට සහ මූල්‍ය ආයතනවලට. MCC එක ආවෙ නැතත් MCC එකට අවශ්‍ය වෙන දේ මේ සංශෝධන හරහා සිද්ධ වෙනවා”

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (23) පාර්ලිමේන්තුවේ පැවති ඉඩම් සංවර්ධන ආඥා පනතේ රෙගුලාසි කිහිපයක් සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...