විජයදාසට එරෙහි වාරණය දීර්ඝ කරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන 14 වැනිදා දක්වා කොළඹ දිසා අධිකරණය අද (03) තවදුරටත් දීර්ඝ කළේය.

ඒ පැමිණිල්ල කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය..

එම පැමිණිල්ලේ විභාගය කොළඹ අතිරේක දිසාව විනිසුරු චමරි වීරසුරිය මහත්මිය හමුවට යොමු කරන අතර අනතුරුව නඩුව එම විනිසුරුවරිය ඉදිරියේ කැඳවන බවටයි දිසා විනිසුරුවරයා පැවසුවේ.

එම අවස්ථාවේදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලාසිටින ලදී.

ඒ අනුව විරෝධතා ගොණු කිරීමට කල් ලබාදුන් විනිසුරුවරිය නඩුව නැවතත් ලබන 14 වනදා කැඳවන ලෙස නියෝග කළාය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...