මේවගේ අවස්ථාවල ඕන තෙවරප්පෙරුමලා මිසක් මාවෝ සේතුංලා නෙමේ …

Date:

මිනිස්සු ගොඩ දෙනෙක් අවතැන් වෙලා ඉන්නෙ.. පුලුවන් හැම කෙනෙක්ම පුළුවන් විදියට පිහිට වෙන්ට උත්සහ කරමු..

මාවෝ සේතුං කිව්ව වගේ අවතැන් මිනිස්සුන්ට බිලි පිති, බිලි කොකු දෙන්න යන්න එපා..( ඒවා දැන් චීනෙවත් කරන්නෑ) මිනිස්සුන්ට මාළු දෙන්න.. තෙවරප්පෙරුම වගේ මාලු බත් එක්ක උයලා දෙන්න.. මේ අස්සෙ විපත්වලින් ඔළුව අවුල් උන මිනිස්සුන්ට ගංවතුරට හේතුවූ දේශපාලන ආක්‍යාන උගන්වන්න යන්න එපා..

පක්ෂවල කට්ටිය කැමති නම් තම තමන්ගේ පක්ෂවල තොප්පි ටී ෂර්ට් ඇඳගෙන යන්න..මොකද මිනිස්සු ප්‍රතිලාබ නැතිව මොනම උදව්වක්වත් කරන්න කැමති නෑ… මිනිස්සු පරහිතකාමී වෙන්නෙ අවම වශයෙන් පිනක් හරි අපේක්ෂාවෙන්…ඒක මිනිස් සොබාවය..

අන්න බඩු බෙදලා දේශපාලන කැම්පේන් කරනවා කියලා සහනාධාර දෙන අයව විවේචනය කරන්න එපා.. මොකද ප්‍රසිද්ද මාධ්‍යයට ඇවිත් එහෙම කියන අය කරන්නෙත් චන්ද කැම්පේන් එකක් තමා..

ඔබේ විවේචනය නිසා නතර වන සියළු සහනාධාර ඔබට රහසේ දියහැකිනම් පමණක් විවේචනය කරන්න … කවුරුන්හෝ වේවා දෙන අයව ධෛර්යය මත් කරන්න.. ඔවුන්ව වැලක්වීමේ ප්‍රතිවිපාක අත්වන්නේ අවතැන්වූවන්ට බව අවබෝධ කරගන්න..

මිනිස්සුන්ට මේ වෙලාවේ ඕන කවුරු හරි දෙන හාල්, පොල්, කිරිපිටි සල්ලි වගේ දේවල්.. සංවාද දැනුවත් කිරීම් අපබ්‍රංස වැඩක් නෑ..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...