කාන්තාවන් සවිබල ගන්වන්න පනතක් ගෙන ඒම හොඳයි. හැබැයි සංශෝධනවලට කාලයක් නෑ.පනතෙන් වැඩක් වෙයිද?

කොළඹ LNW:කාන්තාවන් සවිබල ගැන්වීමේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනතේ ඇතැම් කාරණාවලට ජාතික ජන බලවේගය එකඟතාව පළකරන නමුත් ඇතුළත් කළ යුතු වන සංශෝධන ක්‍රියාත්මක කර තිබේද යන්න ගැටළු සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවේය.

ඒ, අද (04) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

කාන්තාව වෙනුවෙන් එවැනි ප්‍රතිපත්තිමය තීරණ ගැනීම් හොඳ දෙයක් වන අතර කාන්තාවන්ට අවශ්‍ය පරිදි නීතිමය තත්ත්වයන් ද වෙනස් විය යුතු බවයි ඇය පෙන්වාදුන්නේ.

කෙසේවෙතත් මෙවැනි පනත් කලබලයෙන් සාකච්ජා කළ නොහැකි බවත් අදහස් හා යෝජනා විමසීමට කාලයක් තිබිය යුතු වන නමුත් මෙම පනතට එවැනි කාලයක් නොලැබුණ බවද ඇය සඳහන් කළාය.

මේ අතර කාන්තාව සවිබල ගැනීමේ පනත අනුව යෝජනා කර තිබෙන ඔම්බුඩ්ස්මන්වරාය පනතෙන් යෝජනා කර තිබෙන කොමිසමට පිටතින් ස්වාධීනව සිටිය යුතු බවටද යෝජනා කරන බවයි මන්ත්‍රීවරිය පැවසුවේ.

හදිසියේ මෙන් ගෙනවිත් තිබෙන පනතට අවශ්‍ය සංශෝධන කිරීමට හැකි වේදැයි යන්න සක සහිත බවයි ඇය තවදුරටත් පැවසුවේ.

මේ වන විට ජනාධිපතිවරයා තමන්ට හිතෙන පරිදි පනත් ගෙන එමින් තිබෙන අතර එම පනත් අනුව කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් මුදල් ලැබෙන ආකාරයන් ගැන ද පැහැදිලි බවක් නැති අතර ගැටළු පනතක් ඉදිරිපත් වූ පමණින් නොවිසදෙන බවත් දේශපාලන පක්ෂ තුළද අභයන්තරිකව වෙනස්කම් සිදුවිය යුතු බවත් කාන්තාවන්ට අපහාසයක් සිදුනොවන ආකාරයේ සංස්කෘතියක් නිර්මාණය විය යුතු බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...