(VIDEO):විදුලි පනතෙන් පාර්ලිමේන්තුව ඇවිලෙයි. අදත් කථානායකට විරෝධය!

Date:

කොළඹ LNW:නව විදුලි බල සංශෝධන පනතේ ප්‍රශ්න ගණනාවක් පවතින අතර 23,000ක සේවකයින්ගේ අනාගතය ගැනද ප්‍රශ්නයක් මතුව තිබෙන බව අද (04) පාර්ලිමේන්තුවේදී සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

ලංකා විදුලි බල මණ්ඩලය ද ආයතන 12කට කැඩෙන අතර මෙය විහිළුවක් නොවන බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

පනතේ විධි විධාන අනුව ආයතන 12ක් යටතේ ක්‍රියාත්මක වන විදුලි බල මණ්ඩලයේ මිල නියම කිරීමටද මහජන උපයෝගිතා කොමිසමට මැදිහත්වීමක් සිදුකළ නොහැකි අතර එය ආදළ සමාගම් වෙතින් සිදුකෙරෙන හෙයින් මෙලෙස ආයතන 12කට ලබා දෙන විට ටෙන්ඩර් ක්‍රමයට දෙනවාද නැත්නම් පස්සේ දොරින්ම දෙනවාද යන්න පිළිබඳවද දැනගත යුතු බව කිරිඇල්ල මහතා කියාසිටියේය.

මෙහිදී පාර්ලිමෙන්න්තුවේ බලධාරියා ලෙස මෙවැනි කාරණාවලදී කථානායකවරයාගේ මැදිහත්වීම ගැනද කිරිඇල්ල මහතා සිය විරෝධය දක්වන ලදී.

මේ අවස්ථාවේදී නැගී සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ මෙම පනත කලබලයට සම්මත කිරීමෙන් වැළකී අධිකරණය ඉදිරිපත් කරන ලද යෝජනා විධිමත්ව පරිශීලනය කර යහපත් ලෙස තීන්දුවක් ගැනීමට ක්‍රියා කළ යුතු බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියන්න විමල් නුවර යයි. සජබ කතරගම පොල් ගහන්න යයි !

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව ගැන ගැටලු ගැන මහානායක හිමිවරුන්...

ට්‍රම්ප්ගේ මීළඟ ප්‍රහාරය ඉරානයටද ?

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නිර්නාමික එක්සත් ජනපද...

හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ : සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද්ව CIDයට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කර...

ඇමරිකානු හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම් ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය...