(VIDEO):විදුලි පනතෙන් පාර්ලිමේන්තුව ඇවිලෙයි. අදත් කථානායකට විරෝධය!

කොළඹ LNW:නව විදුලි බල සංශෝධන පනතේ ප්‍රශ්න ගණනාවක් පවතින අතර 23,000ක සේවකයින්ගේ අනාගතය ගැනද ප්‍රශ්නයක් මතුව තිබෙන බව අද (04) පාර්ලිමේන්තුවේදී සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

ලංකා විදුලි බල මණ්ඩලය ද ආයතන 12කට කැඩෙන අතර මෙය විහිළුවක් නොවන බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

පනතේ විධි විධාන අනුව ආයතන 12ක් යටතේ ක්‍රියාත්මක වන විදුලි බල මණ්ඩලයේ මිල නියම කිරීමටද මහජන උපයෝගිතා කොමිසමට මැදිහත්වීමක් සිදුකළ නොහැකි අතර එය ආදළ සමාගම් වෙතින් සිදුකෙරෙන හෙයින් මෙලෙස ආයතන 12කට ලබා දෙන විට ටෙන්ඩර් ක්‍රමයට දෙනවාද නැත්නම් පස්සේ දොරින්ම දෙනවාද යන්න පිළිබඳවද දැනගත යුතු බව කිරිඇල්ල මහතා කියාසිටියේය.

මෙහිදී පාර්ලිමෙන්න්තුවේ බලධාරියා ලෙස මෙවැනි කාරණාවලදී කථානායකවරයාගේ මැදිහත්වීම ගැනද කිරිඇල්ල මහතා සිය විරෝධය දක්වන ලදී.

මේ අවස්ථාවේදී නැගී සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ මෙම පනත කලබලයට සම්මත කිරීමෙන් වැළකී අධිකරණය ඉදිරිපත් කරන ලද යෝජනා විධිමත්ව පරිශීලනය කර යහපත් ලෙස තීන්දුවක් ගැනීමට ක්‍රියා කළ යුතු බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...