ඉල්ලීම් ඉල්ලා ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 11 , කොළඹ (LNW):

වැටුප් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින්, අදත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මකන බව වාර්තා වේ.

ඒ අනුව ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක අතර, එම සංගමයේ සභාපති හේමචන්ද්‍ර ගුණසිංහ මහතා සඳහන් කළේ, බඳවා ගැනීමේ පටිපාටියක් අනුමත කර ගැනීමට නොහැකි වීම සහ පුරප්පාඩු පවතින සේවක සංඛ්‍යාව අනුමත කර ගැනීමට පාලන අධිකාරිය අපොහොසත් වීම යන කරුණු මුල් කරගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ යෙදී සිටින බවයි.

තවද, අද (11) සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ මිනින්දෝරු සංගමය පවසන අතර, එහි සභාපති දුමින්ද උදුගොඩ මහතා සඳහන් කළේ, තම සංගමය ඊයේ දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කර රාජකාරිවලින් ඉවත් වූ බවයි.

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනය අදට දින 40 ක් සම්පූර්න වන අතර, , ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකාබද්ධ කමිටුවේ සමසභාපති ධම්මික එස්. ප්‍රියාන්ත මහතා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...