IMF තෙවන වාරිකය අනුමත වීම ගැන රවීගෙන් ජනපති රනිල්ට පැසසුම්!

Date:

කොළඹ LNW:ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකමේ තෙවැනි වැනි වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 335 නිදහස් කිරීමට එම අරමුදල තීරණය කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මුල්‍ය විනය සහ කැප වීම මතය යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විශේෂ “Twitter” පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

මේ තත්ත්වයෙන් පැහැදිලි වන්නේ ජනතාවගේ ඔරොත්තු දීමේ හැකියාව මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ රටක් ලෙස ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් සහ දීප්තිමත් අනාගතයක් කරා වේගයෙන් ගමන් කරමින් සිටින බව යැයි ද කරුණානායක මහතා පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තෙවැනි වාරිකය මෙසේ අනුමත වීම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘත්තිය සඳහා අතිශය වැදගත් සහ තීරණාත්මක වන අතර මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය සුභ පැතුම් එක් කර සිටින බව ද රවී කරුණානායක මහතා වැඩි දුරටත් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...