සෙලීන් ඩියෝන් නැවතත් සංදර්ශන වේදිකාවට පැමිණීමට නියමිතයි

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 14,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : දිගු කලක් තිස්සේ සෞඛ්‍යය ගැටළු හේතුවෙන් දිගු නිහැඬියාවකින් අනතුරුව සුප්‍රකට ගායිකාවක් වන සෙලීන් ඩියෝන් නැවතත් සංදර්ශන වේදිකාවට පැමිණීමට සුදානම් බව වාර්තා වේ.

2022 දෙසැම්බර් මාසයේදී Instagram වීඩියෝවක් බෙදා ගනිමින් තමා දුර්ලභ ස්නායු ආබාධයකින් පෙළෙන බවට( පර්සන් සින්ඩ්‍රෝමය SPS)ප්‍රකාශ කරමින් සිය ගායන දිවියෙන් හා සංදර්ශන වේදිකාවෙන් සෙලීන් ඩියෝන් සමුගනු ලැබූ අතර එතැන් සිට ඇය ප්‍රසිද්ධියේ දක්නට ලැබුණේ කලාතුරකිනි.

SPS යනු ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයක් වන අතර එය දුර්වල කළ හැකිය. එය සිදුවන්නේ ස්නායුවල සිට මාංශ පේශිවලට ලැබෙන සංඥා නිසි ලෙස ක්‍රියා නොකිරීමෙනි. කෙසේ නමුත් සෙලීන් සිය රසිකයන් වෙත ප්‍රකාශ කර තිබුණේ, මම වේදිකාවට එන්නම්. හරියටම කවදාදැයි මම නොදනිමි, නමුත් මාව විශ්වාස කරන්න යනුවෙනි.