*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

”භාවිතාව තුළින් සංස්කෘතිය වෙනස්කරනවා වගේ නීතියත් වෙනස් වෙන්න ඕනේ.” NPP නව ව්‍යවස්ථාවේ ඉලක්කය මෙන්න!

කොළඹ LNW:දේශපාලන සංස්කෘතිය භාවිතාව තුළින් වෙනස් කරනවා මෙන්ම නීතිය තුළිනුත් දේශපාලන වෙනසක් ඇතිකර ගත යුතු අතර අලුත් ව්‍යවස්ථාවක් යෝජනා කරන්නේ එම අරමුණින් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අවධාරණය කරයි.

විධායක ජනාධිපති ධූරය වෙනුවට පාර්ලිමේන්තුවට වගකියන විධායක බලයක් මෙන්ම මහජන නියෝජිතයින් නැවත කැඳවීමේ පුරවැසි අයිතියද සහතික විය යුතු බවයි ඇය සඳහන් කරන්නේ.

”දේශපාලන සංස්කෘතිය,භාවිතාව තුළින් අපි වෙනස්කරනවා වගේම අපිට අවශ්‍යයි නීතිය තුළින් මෙවැනි දේශපාලන වෙනසක් ඇතිකරගන්න. ඒ නිසා තමයි අපි අලුත් ව්‍යවස්ථාවක් යෝජනා කරන්නේ. ඒ අලුත් ව්‍යවස්ථාව තුළ අපි කාලයක් තිස්සේ කියපු දෙයක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි විය යුතුයි. එක පුද්ගලයෙක් තුළ මෙවැනි බලයක් තිබීම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි. ඒ වෙනුවට පාර්ලිමේන්තුවට වගකියන විධායක බලයක් අපිට අවශ්‍යයි. ඒ මූලික වෙනස අපි කරගත යුතුයි. ඒ වගේම මහජන නියෝජිතයින් හා පුරවැසියන් අතර තියෙන සම්බන්ධතාවය මීට වඩා වගාවෙන ව්‍යවස්ථාවක් අපි හදාගන්න ඕනේ. උදාහරණයක් හැටියට තමන්ගේ මහජන නියෝජිතයා තමාගේ බලය අවභාවිතා කරනවා නම් මහජන මුදල් අවභාවිතා කරනවා නම් සාමාන්‍ය තත්ත්වය අනුව අපට මුකුත් කරන්න බැහැ. ඊළඟ මැතිවරණය එනකම් මොනවත් කරන්න බැහැ. නමුත් අපි යෝජනා කරන්නේ නැවත කැඳවීමේ බලය ව්‍යවස්ථාවට ඇතුල් කරන්න. අවුරුදු පහකට නම් පත්වෙන්නේ ඒ අතරතුර කාලයේ යම් කිසි විදිහකට මුදල් අවභාවිතාවක් වෙන මොකක් හරි වැරද්දක් සිදු වුණොත් මහජන නියෝජිතයා යවපු පුරවැසියන්ට ඒ මහජන නියෝජිතයා නැවත කැඳවීමේ බලය තිබිය යුතුයි. පක්ෂ මාරු කලොත් ආසනය අහෝසි විය යුතුයි. අද මම ඇහුවොත් ප්‍රසන්න රණතුංග නියෝජනය කරන්නේ මොන පක්ෂයද කියලා. හිතල බලන්න. ඔබ යැව්වේ ඔහුව මොන පක්ෂයෙන්ද දැන් ඉන්නේ මොකක් නියෝජනය කරමින්ද? කොහෙද මහජන පරමාධිපත්‍යක්.විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩුවට ජන්දේ දෙනවා. මොකක්ද මේ විපක්ෂය. වෙනසක් වෙනුවෙන් පෙනී ඉන්නවා කියල කියන්නත් ලැජ්ජයි. සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු 19කට ජනාධිපතිගෙන් ප්‍රතිපාදන. 19කට විතරක් ප්‍රතිපාදන එන්නේ කොහොමද? ඒක අල්ලසක් නෙවෙයිද? අපිත් විපක්ෂයෙනෙ එහෙනම් අපිටත් දෙන්න එපැයි. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයයි,විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයයි නැගිටලා කියනවා ජනාධිපති අල්ලසක් දීලලු. අල්ලස ගත්ත අය පිටිපස්සේ වාඩි වෙලා ඉන්නවා. ඉතින් මේවා විහිළු නැද්ද?” යනුවෙන් මන්ත්‍රීවරියතවදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan