ජපානයේ පෙර නොවූ විරූ උෂ්ණත්වයක් පිලිබඳ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරේ

Date:

සටහන : සශිකලා මධුෂාණි,
ජුලි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් රටේ ප්‍රාන්ත 47 න් 26 කට තාප ආඝාත අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, අත්‍යවශ්‍ය නම් මිස පිටතට නොයන ලෙසත්, දිවා කාලයේ සහ රාත්‍රියේ වායු සමීකරණ භාවිතා කරන ලෙසත්, ඕනෑ තරම් ජලය පානය කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා ඇත.

ජපානයේ මාධ්‍ය විකාශක NHK ට අනුව, උෂ්ණත්වය “ජීවිතයට තර්ජනාත්මක” මට්ටමට ළඟා වී ඇති අතර ජූනි මස අවසන් සතියේ උණුසුම් ආඝාතය හේතුවෙන් පුද්ගලයින් 2,276 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර, ඉන් අඩකට වැඩි පිරිසක් වයස අවුරුදු 65 ට වැඩි අය බවයි.

එමෙන්ම, කුඩා දරුවන් ද අවදානමට ලක්ව ඇති අතර මෙම මාසයේ පාසල් ගමනක් අතරතුර ළමුන් නව දෙනෙකු තාප ආඝාතය හේතුවෙන් රෝහල් ගත කර තිබේ. මෑත දිනවල කාලගුණය හා සම්බන්ධ අවම වශයෙන් මරණ හතරක් වාර්තා වී ඇති අතර මියගිය සියලුදෙනා වයස අවුරුදු 60 ව ඉහල අය වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...