ජපානයේ පෙර නොවූ විරූ උෂ්ණත්වයක් පිලිබඳ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරේ

Date:

සටහන : සශිකලා මධුෂාණි,
ජුලි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් රටේ ප්‍රාන්ත 47 න් 26 කට තාප ආඝාත අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, අත්‍යවශ්‍ය නම් මිස පිටතට නොයන ලෙසත්, දිවා කාලයේ සහ රාත්‍රියේ වායු සමීකරණ භාවිතා කරන ලෙසත්, ඕනෑ තරම් ජලය පානය කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා ඇත.

ජපානයේ මාධ්‍ය විකාශක NHK ට අනුව, උෂ්ණත්වය “ජීවිතයට තර්ජනාත්මක” මට්ටමට ළඟා වී ඇති අතර ජූනි මස අවසන් සතියේ උණුසුම් ආඝාතය හේතුවෙන් පුද්ගලයින් 2,276 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර, ඉන් අඩකට වැඩි පිරිසක් වයස අවුරුදු 65 ට වැඩි අය බවයි.

එමෙන්ම, කුඩා දරුවන් ද අවදානමට ලක්ව ඇති අතර මෙම මාසයේ පාසල් ගමනක් අතරතුර ළමුන් නව දෙනෙකු තාප ආඝාතය හේතුවෙන් රෝහල් ගත කර තිබේ. මෑත දිනවල කාලගුණය හා සම්බන්ධ අවම වශයෙන් මරණ හතරක් වාර්තා වී ඇති අතර මියගිය සියලුදෙනා වයස අවුරුදු 60 ව ඉහල අය වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...