*
Tuesday, November 26, 2024
spot_img

Latest Posts

මිනිස්සු අසරණ කරලා අපි වෘත්තීය අරගල කරලා නැහැ – නාමල් රාජපක්ෂ

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කිසිදු වෘත්තීය සමිතියක් මේ රටේ ජනතාව අසරණ තත්ත්වයට පත්කොට වෘත්තීය අරගල සිදුකර නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

රාජ්‍ය සම්පත් රකින්න, රාජ්‍ය සම්පත් දියුණු කරන්න, රාජ්‍ය සම්පත් ආරක්ෂා කරගන්න, ආයෝජකයෝ ගෙනවිත් සංවර්ධන කටයුතු සිදුකරන්න අරගල කරන නමුත් රටේ මහජනතාව අපසුතාවයට පත්ව තැනට වෘත්තීය සමිති කටයුතු කරන්නේ නැතැයි පෙන්වාදෙන ඒ මහතා අපහසුතාවයට පත්වන දුක් විඳින ජනතාව දෙස බලා ජයග්‍රහණයක් ලැබුවා යැයි කාලකණ්ණි සතුටක් ලබන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ තම පක්ෂයේ වෘත්තීය සමිති සූදානම් නැතැයි පෙන්වාදෙයි.

මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ කොළඹ හයිඩ් පිටියේ දී ඊයේ (11) පස්වරුවේ පැවැති කොළඹ නාගරික මහ සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,

”ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස අපේ රටේ ශක්තිමත්ම දේශපාලන යාන්ත්‍රණය සහ ශක්තිමත්ම දේශපාලන පක්ෂය ලෙස හදුන්වන්න පුළුවන්. අපි පසුගිය කාලසීමාව තුළ පැවැති හැම මැතිවරණයක්ම ජයග්‍රහණය කළා. ඒ වගේම තමයි අපි අභියෝගවලට මුහුණදුන් දේශපාලන පක්ෂයක්. අපි අභියෝග හමුවේ පලාගිය දේශපාලන බලවේගයෙක් නොවෙයි. අපි හැමදාම 2005 ත්‍රස්තාවදයට මුහුණදීමේ අභියෝගයේ සිට අද දක්වා රටක්, ජාතියක් ලෙස මුහුණදුන් හැම අභියෝගයකටම සාර්ථකව මුහුණදුන් දේශපාලන බලවේගයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදුන්වන්න පුළුවන්. අපි විශ්වාස කරන්නේ මේ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරනවා වගේම දේශීය ව්‍යාපාරිකයන් ශක්තිමත් කරන්න ඕන. නාගරික සමාජයේ ජීවත්වන මේ ජනතාවට ජීවිතයට අවශ්‍ය වටිනාකමක් අපි දෙන්න ඕන. ඉතිහාසය ගත්විට බොහෝ විට නායකයන් බිහිවුණේ බස්නාහිරින්. මහින්ද රාජපක්ෂ මහතා පාලමෙන් එහා පැත්තේ නායකයෙක්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයයි. අපි විශ්වාස කරනවා තාක්ෂණික විප්ලවය. මේ රටේ ආර්ථික අර්බුදයට සාම්ප්‍රදායෙන් එහාට ගිය ආර්ථික විප්ලව ක්‍රමවේදයට අනුගත වියයුතු වෙනවා. නූතන ආර්ථික පරිවර්තනයට අපේ රට රැගෙන යායුතු වෙනවා. රාජ්‍ය සේවය ආර්ථික හා තාක්ෂණික විප්ලවයට රැගෙන යායුතු වෙනවා. අපේ පක්ෂයට සම්බන්ධ වෘත්තීය මේ රටේ ජනතාව අසරණ තත්ත්වයට පත්කොට වෘත්තීය අරගල කරන්නේ නැහැ. අපි රාජ්‍ය සම්පත් රකින්න අරගල කරනවා. අපි රාජ්‍ය සම්පත් දියුණු කරන්න අරගල කරනවා. රාජ්‍ය සම්පත් ආරක්ෂා කරගන්නවා වගේම ආයෝජකයෝ ගෙනවිත් ඒවා ව්‍යාප්ත කරන්න අපි සටන් කරනවා. නමුත් මේ රටේ මහජනතාව අපසුතාවයට පත්ව තැනට අපි වෘත්තීය සමිති කටයුතු කරන්නේ නැහැ. ඒ අපහසුතාවයට පත්වන දුක් විඳින ජනතාව දෙස බලා ජයග්‍රහණයක් ලැබුවා කියා කාලකණ්ණි සතුටක් ලබන්නත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අපේ පක්ෂයේ වෘත්තීය සමිති සූදානම් නැහැ.

වෘත්තීය සමිති සහ රජය අතර හොඳ අවබෝධයක් පැවතිය යුතු වෙනවා. දේශපාලන පක්ෂ භේදයකින් තොරව දේශපාලන වෘත්තීය සමිති සඳහා ආණ්ඩුව ඇහුම්කන් දියයුතු වෙනවා. ආණ්ඩුව විශ්වාස කරනවා වෘත්තීය සමිති තලලා, පෙළලා, ගහලා තමන්ගේ රාජ්‍ය පාලනය කරන්න පුළුවන් කියලා. නැහැ. එසේ වෙන්නේ නැහැ. අපි ඒ අයත් සමඟ සාකච්ඡා කළයුතු වෙනවා. යම්කිසි අවබෝධයකට පැමිණිය යුතු වෙනවා. එකතු වෙලා රාජ්‍ය ආයතන වගේම රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළයුතු වෙනවා. එවැනි දේශපාලන බලවේගයක් විශ්වාස කරන නූතන පරම්පරාවේ දේශපාලන බලවේගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. කොළඹ ඇතුලේ ජීවත් වන ජනතාවට පණිවුඩයක් දෙනවා. ජීවත් වන ගමට, නෑදෑයින්ට ඒ පණිවුඩය ගෙනයන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ ඔබේ දරුවාගේ දේශපාලන බලවේගයයි. කෙළඹට සාධාරණයක් කළා නම් ඒ මහින්ද රාජපක්ෂ ආන්ඩුවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස මහින්ද රාජපක්ෂ මහතා නවතපු තැනින් සංවර්ධනය කොළඹට නැවත වරක් ගේන්න සූදානම්.

අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගිහින් කොම්පඤ්ඤ වීදියේ ගුවන් පාලම විවෘත කළා. අපි ඒ සම්බන්ධයෙන් සතුටු වෙනවා. මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 2015 ට පෙර එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න සැලසුම් කළා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන් හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඒ සඳහා මුල්ගල තිබ්බා. 2022 මැයි මාසයේ විවෘත කරන්න තිබුණේ. යම්කිසි හේතුවක් නිසා එය නතර වුණා. අද අපි මාධ්‍යයෙන් දැක්කා ඒ පාලම විවෘත කරනවා. ඒ නිසා අපි සතුටු වෙනවා. අපේ දේශපාලන බලවේගය ආරම්භ කළ සංවර්ධන යෝජනා ක්‍රමයක් විවෘත කිරීම ගැන. අපි විශ්වාස කරන්නේ මේ රටේ සංවර්ධනය. මේ රටේ මහපොලොවට සංවර්ධනයක් ගේන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ පණිවුඩය ඔබ ගමට ගෙනයන්න. ඉදිරියේ දී එන ඕනෑම මැතිවරණයක දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ජයග්‍රාහී මාවතකට යොමුවන්න සූදානම් වෙන්න.” යනුවෙන් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියාසිටියි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan