ඉන්දීය පන්දු යවන්නියෝ පකිස්තානය අසරණ කරති

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 20, (LNW) කොළඹ :

ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් සූරතාවලියේ දී ඉන්දීය – පකිස්තාන තරගයේදී ඉන්දීය පන්දු යවන්නියන්ගේ දස්කම් නිසා පකිස්තාන කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් ලබා ගන්නට ඉන්දියාවට හැකි විය.කාසියේ වාසිය ලබා ගෙන පළමුව පන්දුවට පහර දුන් පකිස්තාන පිතිකාරිනියන් සිව් දෙනෙකුට පමණක් ඉලක්කම් දෙකේ සීමාවට ළඟා වන්නට ඉඩ දුන් ඉන්දීය පන්දු යවන්නියන් ඒ අතරින් පකිස්තාන පිතිකාරිණියක ලද වැඩිම ලකුණු ප්‍රමාණය සටහන් වන්නට දුන්නේ ලකුණු 25 ක් හැටියටය.ඒ භාග්‍යය ලද්දි සිද්රා අමීන් ය.


එහෙත් පකිස්තානු ඉණිම ලකුණු 100 ඉක්මවා සියල්ල දැවී ලකුණු 108 දක්වා රැඟෙන යාමට මුල් වූ ක්‍රීඩිකාවන් වූයේ ටුබා හසන් (22) සහ ෆාතිමා සනා (නොදැවී 22) පෑ දස්කම්ය.පකිස්තානු ඉණිමේ හොඳම කඩුලු සබඳතාවය වූ 7 වන කඩුල්ලට වාර්තා වූ ලකුණු 31 එකතු කරේ ඔවුන් දෙදෙනාය.දීප්තා ශර්මා ලකුණු 20 කඩුලු 3 ක් දවා ගනිමින් පකිස්තානු ඉණිමට යැඩිම බලපෑම එල්ල කළ පන්දු යවන්නිය වෙමින් තරගයේ වීරවරිය වූවාය.රේණුකා සිංග් ද පිතිකාරිිනයන්ට දැඩි තර්ජනයක් එල්ල කරමින් පන්දු ඕවර් 4 තුළ ලකුණු 14 ක් පමණක් දි කඩුලු 2 ක් දවා ගත්තාය.
පිළිතුරු ඉණිමේ දී ඉන්දීය ආරම්භය නැවත වරක් ලොව භයානකම ආරම්භයක් බවට සටහන් කළ ශෆාලි වර්මා සහ ස්ම්‍රිති මන්දනා පළමු කඩුල්ලට ලකුණු 85 ක සබඳතාවයක් එක් කළහ.පන්දු ඕවර් 9.3 ක් ගත් වූ එම සබඳතාවයට වර්මා පන්දු 29 න් ලකුණු 40 ක් ද,මන්දනා පන්දු 31 න් ලකුණු 41 ක් ද දායාද කරන්නට සමත් විය.ඒ නිසා තරගයේ 15 වන පන්දු ඕවරයේ දි ඉන්දීය ලකුණු පූවරුව ලකුණු 109 ක් වෙද්දී කඩුලු 3 ක් පමණක් අහිමිව තිබිණ.
තරගයේ ලකුණු පූවරුව → https://es.pn/3Y6Ak9J

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...